Top Ad 728x90

About – ටිංකිරි

ටිංකිරි සෙට් එකේ දැනට ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් ඇවිදින්න යනවා අනිත් එක්කෙනා, ඇවිදලා ගිහින් එකතු කරගෙන එන ඒවා ගැන ලියලා  ප්‍රසිද්ධ කරනවා. ඉතින් මේ දෙන්නට අමතරව අනික් හැමෝම අපේ UNDERGROUND ස්ලීපර්ස්ලා. ඒ සෙට් එකේ ගොඩාක් අය අපි දැකලවත් නෑ; දකින්න ඕන කමකුත් නෑ. ටිංකිරි සෙට් එකේ අයට ඕනේ රටේ සිද්ධ වෙන මජර දේශපාලනය වගේම, ඩීල් දේශපාලනය ගැන විතරක් නෙමෙයි කප්පං සංස්කෘතිය ගැන හෙළිදරව් කරන එක. මෙහෙම කරනකොට ටිංකිරි ගාගත්ත අයට වගේම ටිංකිරි ගාන අයටත් තද වෙන්න පුළුවන්. ඉතින් එකට අපට කරන්න දෙයක් නෑ..... ඕන්....!

***


මම ටිං: කාලයක් ඇමෙරිකාවේ ජීවත් වෙලා හිටිය මම චීනෙට ගියේ සිරි ලංකාව වන මගේ මව් රටට සේවයක් කිරීම සඳහා ලෝකේ ගැන දැන ගන්න. එහෙම ඉඳලා ඉඳලා ඉඳලා ආවේ දාහක් බලාපොරොත්තු එක්ක. ඒ ඔක්කොටම මාස දෙකෙන් කෙල වුණා. මේ රටේ සිස්ටම් එක වෙනස් නොකර රට හදන්න බෑලු. ඉතින් කස්ටියම සෙට් වෙලා දැන් සිස්ටම් වෙනස් කරන්න ට්‍රයි කරනවාලු. අනේ එහෙම වෙනස් කරන්න ට්‍රයි කරන ගමන් ඒ සෙට් එකේම ඉන්න තව කස්ටියක් කදිමට සිස්ටම් එකම සක් කරනවා. ඉතින්  සිස්ටම් වෙනස් කරන්න ට්‍රයිඑක දාන අයගේ හැම මුඛයකම ටිංකිරි ගාන සිස්ටම් එක සක් කරන කස්ටිය තමයි මේ ගේම් එකේ දිනුවේ. ගෙවිච්ච අවුරුදු 70වටම ඒ කියන්නේ 1948 ඉඳලා වුණේ ඕක විතරයි.

***


මම කිරා: කලයක් මම හිටියේ ඉන්දියාවේ. ආණ්ඩුවෙන් දුන්න ස්කොල් එකක් බොහෝ අමාරුවෙන් සෙට් කරගෙන ඉන්දියාවට හරි පැන්නේ හොඳට ඉගෙන ගෙන අයෙත් මේ රත්තරන් දූපතට ඇවිත් වටිනා කියන දෙයක් කරන්න. ඉතින් අවුරුදු ගානකට පස්සේ ආවා. ගොඩාක් වෙනස් වෙලා. එත් වෙනස් වෙලා නැති එක දෙයක් තියෙනවා. ඒ ටිංකිරි. ඉතින් ඒ සොසයිටි එකේ තියෙන ටිංකිරි ගැන ලියන්නයි ටිංකිරි එක්ක මම එකතු වුණේ. 

Top Ad 728x90