Top Ad 728x90

Saturday, August 18, 2018

, , , , ,

සේනා අධිපතිගේ කතා වස්තුව




පෞද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමක් ලෙස ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම ආරම්භ කරනුයේ J. ඈපා විසිනි. ඉන්පසු සූරියකන්ද නඩුවෙන් වැරදිකරු වන J. ඈපා සිරගත වේ. සිරකූඩු අතරට රිංගා යන සේනා අධිපති J. ඈපගේ සමාගමෙහි රැකියාවක් ඉල්ලයි. එසේ ඉල්ලූ රැකියාව හරහා ඇවන්ගාඩ් හා සම්බන්ධ වන සේනා අධිපති J. ඈපගේ සම සමාගමේ අයිතිය උදුරා ගන්නේ තම තීක්ෂණ කපටි මොළ පාවිච්චි කරමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වී රතු මුහුදෙහි යාත්‍රා කරන නෞකා සදහා අවශ්‍ය ආයුධ සැපයීම ආරම්භ කරන්නේ 2009 දෙසැම්බර් මාසයේ දීය. ඉන්පසු දෙවන නැව පැමිණෙන්නේ 2010 මාර්තු මාසයේ දී ය. 2009 සිට 2011 දක්වා මෙම ව්‍යාපාරය පවතිනුයේ ඉතා මන්දගාමී ස්වභාවයෙනි. කෙසේ නමුත් 2011 අවසන් කාල වකවානු වලදී මෙම ආරක්ෂක සේවා සැපයීම ඉතා ප්‍රචලිත වන්නේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් ක්‍රියාකාරකම් රතු මුහුද තුළ වඩාත් ක්‍රියාකාරී විම නිසා රක්ෂණ සමාගම් විසින් මෙම ආරක්ෂක සේවා සැපයීම අනිවාර්ය කළ බැවිනි. මේ වනවිට නාවික හමුදාව තම ආදායම ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන ලදී. 2009 වර්ෂයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය 2012 ඔක්තෝම්බර් 12 වන දින සේනා අධිපති විසින් තම පාලනයට නතු කර ගනී. ඒ වනවිට මෙම ව්‍යාපාරයේ ආදායම් ඉතා ඉහළ මට්ටමක පැවතුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව හොදාකාරව වටහාගෙන තිබිණ.

කෙසේ වෙතත් ඇමරිකාවේ නිවසක් මිලදී ගැනීම සදහා යන මෙම ඇවන්ගාඩ් ලොක්කා ඒ හරහා කොක්ක ගසන්නේ එවකට ආරක්ෂක බලවතෙකු වෙතයි. එම ආනුභාවයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු රජයට වැඩි ආදායමක් ගෙනදුන් මෙම ව්‍යාපාරය තම සමාගම යටතේ ඒකාධිකාරයට යටත් කරන සේනා අධිපති රක්නා ලංකා සමාගම සමග ගිවිසුමකට එළඹෙනුයේ, ඔහු විසින් මෙහෙය වන එක් ආයුධ සැපයීමක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර්  දහසක මුදලක් ලංකා නාවික හමුදාව වෙත භාරදීමේ පොරොන්දු පිටය. මෙය ඔහුගේ සමාගම ලබාගන්නා ඇමරිකානු ඩොලර් 3500 න් 28% කට ආසන්න ප්‍රමාණයක් බව ඔහු විසින්ම පසුව පවසා ඇත. (නමුත් නිසිලෙස ගණනයන් සිදු කලේ නම් එය 28.5% විය යුතුය.) කිසිදු හිරිකිතයක් නොමැතිව මෙම කර්තව්‍යය සදහා අවශ්‍ය සහයෝගය එවකට සිටි දේශපාලන අධිකාරියේ ආනුභාවයෙන් මෙම ක්‍රියාවලිය ඇවන්ගාඩ් වෙත පවරා දෙන හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ඇවන්ගාඩ් සමාගමේ රැකියාවට යන්නේ බර පඩියකට හිමිකම් කියමිනි. 2013 වසරේ දී මෙම 28%,25% දක්වා අඩු කිරිමට කොළඹගේ (මොහු මිනිස් ජාවාරම් සදහා සෘජුව සම්බන්ධ පුද්ගලයෙකි.)ගේ උල්පන්දම් හරහා අතිරේක ලේකම්වරියක් ලිපියක් නිකුත් කර ඇත. එම ලිපියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සේනාධිපති 28% වූ ප්‍රමාණය මෙම මෙහෙයුම් පටන්ගත් දින සිටම 25% ක අගයකට ගණනය කරන්නට ගන්නේ රජයට විශාල පාඩුවක් සිදු කරමිනි. ඒ සදහා ඔහු හේතු දක්වා ඇත්තේ තමන් විසින් සිදු කරන ලද ප්‍රවර්ධන කටයුතු වලට ගිය වියදම් පියවා ගැනීම යනුවෙනි. එය කිසිදු පදනමක් නොමැති කතාවක් වූ අතර ඉන්පසුව මෙම 25% ,17% දක්වා අඩු කරගන්නේ පෙරේරාගේ කාල වකවානුවේ දී වන අතර ඒ සදහා අනුමැතිය ලබා දෙන්නේ එවකට රක්නා ලංකා සමාගමෙහි අධිපති වූ විසිනි.

එම කාලවකවානුවේදීම එම ලොක්කාගේ ගිණුමට බැර වන විශාල මුදලක් සම්බන්ධයෙන් අදටත් අධිකරණයෙහි අල්ලස් නඩුවක් පවතී. කෙසේ වෙත්ත සේනා අධීපති හා රක්නා ලංකා අතර ගිවිසුම ඒක පාර්ශවික ගිවිසුමක් වන අතර එහි නාවික හමුදාව නොමැති වීම ඉතා ගැටළු සහගතය. මෙම ගිවිසුමෙහි බේරුම්කරණය සිංගප්පුරුවේ දී සිදු විය යුතු යැයි දක්වා සිටීම ගැටළුකාරී වේ. ඉහත ප්‍රතිශතය අගයයන් ඩොලර් 3500ක මුළු මැදල සසදා ගණන් බලා ඇතත් එම ප්‍රතිශත හිතුමනාපයට අඩු කිරිම නිසා ශ්‍රී ලංකා රජයට සිදුව ඇති පාඩුව අතිමහත්ය.

ඉහත ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් රගදැක්වූ අතිරේක ලේකම්වරිය අද වනවිට රටේ ද නැත. සැගවී සිටියි. සියල්ල නීත්‍යනුකූල නම් ඇය නොපැමිණෙන්නේ මන්දැයි බලවත් පැනයකි. එමෙන්ම සේනාධිපති කිසි දිනක නියම කලට වේලාවට නාවික හමුදාව වෙත ගෙවීම් සිදු කර නොමැත. එහි ප්‍රමාද වීමේ පොලිය ගණන් බැලුවහොත් එය රජයට මිලියන 700ක ප්‍රමාණයක් ගෙවීමට ඇත. ඉහත ක්‍රියාවලිය අනුව ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් වනුයේ තම දේශපාලන හයිය ගෝඨා මගින් ලබා ගත් සේනාඅධිපති මෙම ව්‍යාපාරය කරගෙන ආ අනෙකුත් සමාගම් සියල්ල පැත්තකට විසිකර දමා තම ඒකාධිකාරය පතුරුවා ඇති බවයි. ඒ සමගම ඔහු විසින් රජයට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් වංචා සහගත ලෙස අහිමි කර ඇත. ඔහුගේ ලාභය ඔහු උදම් අනනුයේ 2009 සිට 2012 දක්වා කාලයෙහි ඉතා මන්දගාමීමව ඇරඹී මෙම ව්‍යාපාරයෙහි ආදායම සසදා බැලීමෙනි. එය කිසි ලෙසකත් තාර්කික නොවේ. ඔහු මෙම ව්‍යාපාරයට අත ගසන්නේ මෙමගින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් රජයට ගලා ආ කාල වකවානුවේදි බැවින් මුල් කාල පරාසවල ගණන් සැසදීම කිසි ලෙසකින්වත් සාධාරණ නොවනු ඇත. තම හිතවත් හමුදා සගයන් මෙම රැකියාවට පිටත්කර යැවීම සදහා වෙළද හා නාවික කටයුතු අමාත්‍යංශයෙහි නැව් ගමන් නිලධාරි විසින් නිකුත් කරන මුදා හැරීමේ සහතිකය (CDC) ලබා දීමේ ක්‍රමවේදය ද ඔහුගේ දේශපාලන බලයෙන් වෙනස් කරන ලදී. එසේ නැව් ගත වූ හමුදා නිලධාරීන් බොහොමයක් නෞකා වල රාජකාරි ස්වභාවය තමන්ට හුරු නොමැති බැවින් එම නෞකා කාර්යය මණ්ඩලවල උදහසට ලක් වූ වාර අනන්තය. ඒ කෙසේ නමුත් එයින් සිදුවූයේ නාවික හමුදාවෙහි හිටපු සෙබළුන්හට ලබා දි තිබූ රැකියා අවස්ථාවන් බෙදී යාමයි.

මෙයින් නොනැවතුණු සේනා අධිපති දක්ෂිණ නාවික කදවුර තුළ තම උපකරණ සහිත කන්ටේනර් දෙකක් ද, ගාලු වරාය තුළ කන්ටේනරයක් ද රදවා තබා ගන්නේ රජයට කිසිදු මුදලක් නොගෙවමිනි.

ඉන් පසු පාවෙන අවි ගබඩාවල් සදහා යොමු වන මොහු මහනුවර නෞකාව ඒ සදහා ස්ථානගත කරන්නේ එම නෞකාව නාවික සැතපුම් 12ක් පිටතින් රදවා තැබීමට එකග වීමෙනි. කෙසේ නමුත් මෙම එකගතාවය ඔහු විසින් එම නෞකාව මුහුදේ ස්ථානගත කරන්නේ එම කාල පරාසයෙන් 20% ක ප්‍රමාණයකට ආසන්න වන අතර ඉතුරු 80% ම එම නෞකාව ගාලු වරායේ ගැට ගසා ඇත.

ඉන් පසු ඔහුගේ තවත් පාවෙන අවි ගබඩාවක් වන නෞකාවක් 2015 නොවැම්බර් මස ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වන්නේ කිසිවකුට නොදන්වමිනි. එම නෞකාව නිරික්ෂණය කරන නාවික හමුදාව සන්ධ්‍යා කාලයේ සිට රාත්‍රිය පහන් වනතුරුම නෞකාව හා සම්බන්ධ වෙමින් එහි අරමුණ විමසා ඇති අතර මොවුන් පවසා ඇත්තේ තම නෞකාව තුළ ආයුණ නොමැති බවත් ඔවුන්හට වරායකට සේන්දුවීමක අවශ්‍යතාවක් පිළිබදව ද අනාවරණයක් නොකරමිනි. පසුදින උදෑසන එම යාත්‍රාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව එක්ව තම ග්‍රහණයට ගන්නා ලදී.

එහිදී එම නෞකාව පරික්ෂාවට ලක් වූ අතර විශාල ආයුධ ප්‍රමාණයක් (විශාල ප්‍රමාණයක අංක සූරා දමා තිබුණි) සමගින් පොලීසිය වෙත භාර දි ඇත. එම නෞකාව ශ්‍රී ලංකා ජල තීරයට පැමිණීම සදහා අනුමැතිය ලබාගෙන තිබුනේ අත්අඩංගුවට ලක් වූ පසුවය. එම නිසා මෙහි නීත්‍යනුකූලභාවය පිළිබදව ගැටලු රැසක් ඉදිරිපත් විය. රූපවාහිනී වල පාලු ගෙයි වලං බිදිමින් මෙලෙස කටයුතු කරනවාට වඩා දන්නා පුද්ගලයන්ට ඉදිරිපත් වන ලෙස අභියෝගයක් ලබා දී සංවාදාත්මක විවාදයකට සහභාගි වීමෙන් සේනා අධිපතිතුමා වෙත නිරවද්‍යතාවය වඩාත් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම රණවිරුවන් 6500 කට රැකියා අහිමි වූ ක්‍රමවේදය පිළිබද දිවුරුම් පෙත්සමක් මගින් ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන්නේ නම් එය ඉතා අගය කළ යුතු කරුණක් වනු ඇත.නයිජීරියා ඩීල් පත ඉදිරියේ දී එළිදක්වනු ලැබේ.


0 comments:

Post a Comment

Top Ad 728x90