Top Ad 728x90

Saturday, August 18, 2018

,

සිරිසේනගෙන් පසු ජනාධිපති වීමට සිහින මවන්නෝ




වර්තමාන අන්ද මන්ද ආණ්ඩුවෙන් පසු ජනාධිපති වීමට සිහින මවන පිරිමි රාශියකි. ඉන් පළමුවැන්නා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.  ආණ්ඩුව කළ වැරදි සියල්ලම එක්සත්  ජාතික පක්ෂය මත හෙළමින් තම දෙවන වාරය සඳහා සිහින රාශියක් මවමින් සිටින සිරිසේන මහතා කෙසේ හෝ තමන් දෙවනවාරය ලබා ගන්නා බව හිතවතුන් කිහිප දෙනෙකු සමග සඳහන් කොට ඇත.

දෙවැන්න වන්නේ ගෝඨාබය රාජපක්‍ෂ මහතාය. කකුලට පෙර කට ඉදිරියට දැමීමට යෑමෙන් හොට පටලාවාගෙන දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින හෙතම රටේ ජනාධිපති වන බව ඔහු පමණක් නොව ඔහුට සමීප කිහිප දෙනෙකුම තරයේ කියා සිටින කාරණයකි. ගෝඨාබය යටතේ තමන් ආරක්‍ෂක ලේකම් වන බව කමල් ගුණරත්න සඳහන් කොට ඇති අතර ශවේන්ද්‍ර සිල්වා ගෝඨාබය යටතේ හමුදාපති වීමට සිහින දකිමින් සිටින්නෙකි. එසේම ඔහු සමග සිටින, නාලක ගොඩහේවා තමාට ලැබීමට නියමිත ඉහල දූරය ගැන ඔහුගේ සමීපතමයින් රාශියක් හමුවේ තප්පු ලා ඇත.

මීළඟ ජනාධිපති වීමට සිහින දකින සිහින කුමාරවරුන් රාශියක් සිටින ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ, එක්සත් ජාතික පක්ෂයයි. අර්ජුන රණතුංග, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, මංගල සමරවීර, රාජිත සේනාරත්න ඒ අතර කැපී පෙනෙති.

යහපාලනයෙන් හොඳ හැටි හම්බකරගත් පට්ට හොරෙකු යැයි බොහෝ දෙනෙකු හඳුන්වන රාජිත සේනාරත්න, තමන්ට ජනාධිපති ධූරය ලැබුණහොත් සිදුකරණ කටයුතු ගැන දැනටමත් කිහිපදෙනෙකු හමුවේ සඳහන් කොට ඇත. එසේම, සජිත් සහ නවීන් දෙදෙනාට අසල්වැසි රටක පූරණ සහයෝගය ලැබෙමින් පවතින බව ටිංකිරි වෙත අනාවරණය වේ.  ලයිස්තුවේ සිටින අනෙකුත් අයවලුන්ගෙන් මංගල සමරවීර, ජනාධිපති වීම සඳහා දැඩි බලාපොරොත්තුවක් නැති වුවද මීළඟ අගමැති ධූරය සඳහා ඔහුගේ අවදානය යොමු වී ඇතිබව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන කාරණයකි.

මේ සියලුම මතවාදයන් පරයා නීල් ධම්මික සහ තවත් ව්‍යාපාරිකයෙකු රටේ ජනාධිපති වන බව ඔවුහු කියති. රැකියාවෙන් රියදුරෙකු වන නීල් ධම්මික නමැති අයෙකු, පෙර ආත්ම ගණනාවක තමන් ඉපදුනු ආකාරය කියමින්, හෙතම තමන් රටේ ජනාධිපති වන බව සඳහන් කොට ඇත. මුචලින්ද නාගයා, මහා පරාක්‍රමබාහු රජු,  මද්දුමබණ්ඩාර කුමාරයා සහ බ්රූස් ලී ලෙස මීට පෙර උපත ලබා  ඇතැයි ඔහුම කියන මෙම පුද්ගලයා, රටේ මීළඟ ජනාධිපති වන බව තරයේ කියා සිටින්නේ රටේ වත්මන් දේශපාලනඥයින් සියල්ලම පොලවට 
යටකරන මහා භූමි කම්පාවක් ඇති කිරීමෙන් පසුව බව සඳහන් කොට ඇත.

මෙම පුද්ගලයා රටේ ජනාධිපති වුවද නැතද, රටේ දේශපාලුවන් නොහොත් කඳ පනුවන් මහපොළවට සමතලා වන භූමිකම්පාවක් ඇතිකළහොත් එයනම් මොහුගෙන් රටට සිදුවන සේවාවකි. වෙහරක් ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද , යැයි කීවා සේ, “සුනාමික් ඇති කොට ප්‍රභාකරන් මැරූ නීල් ධම්මිකට 225 ක් භූමිකම්පාවකින් ගිල්ලන එක එතරම් අපහසුවිය නොහැකිය”.

අනෙක් සියල්ල සිහින දකින අතරේ මහින්ද සහ බැසිල් රාජපක්‍ෂ මහපොළවේ වැඩ කරමින් පවතින ආණ්ඩුව හාස්‍යයට ලක් කරමින් එය දුර්වල ආණ්ඩුවක් ලෙස ජනතාව හමුවේ ඔප්පු කරීමට මහන්සිවෙති. ඔහුට ඊට අවශ්‍යය තරම් මුදල් තිබේ. මුදල් දෙන පිරිස්ද සිටිති. 

ලොවක් නැහෙන විට ඒ ලොවේ හැදෙන හැම එකාම නායකයෙකු වීමට උත්සහකරති. පසේනදී කොසොල් රජුන් දුටු සිහින 16 ලංකාව විෂයෙහිලා පරම සත්‍යක් වී ඇති අයුරු අරුමය.

0 comments:

Post a Comment

Top Ad 728x90