Top Ad 728x90

Saturday, January 27, 2018

, , , , ,

මිග් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සාක්‍ෂි ඇත්තෙම නැද්ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ගරු කටයුතු ලේකම්තුමා අත්අඩංගුවට ගැනීමට පැහැදිළි හේතුවක් නොමැති හෙයින් එය වැලක්වූ බව ඊයේ සඳහන් කළේය. ඒ ඔහු මාධ්‍යය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීය.  

ඇත්තටම ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සාක්‍ෂි නැත්ද? මේ ඔහු ගැන ටිංකිරි සතුව ඇති තොරතුරු වලින් කොටසක් පමණි.


තම මවුපියන් සිහි කිරීමට තැනූ කෞතුකාගාරය ගැන  කාරණය මේ වන විටත් යම් පමණකට ඇත්තෙන් වසන් කොට ඇත. නමුත් ගෝඨාබය අත්අඩංගුවට ගත හැකි මූලික වංචාව එය නොවේ. එනම්, ඩොලර් මිලියන ගණනක් අයතා ලෙස උපයා ගනු ලැබූ මිග් ගනුදෙනුවයි.

ඒ ගැන කළ පරීක්‍ෂණ වලදී හෙළිදරව් වූ මූලිකා කාරණා මේවාය;

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදු වී ඇත.

01. මිග් 27එම් ගුවන් යානා හතරක් මිළදී ගැනීම
02. මිග් 27එම් ගුවන් යානා 03ක් සහ මිග් 23UV ගුවන් යානා ඕවර්හෝල් කිරීමේදී ඩොලර් මිලියන් 6.08ක වංචාවක් සිදු වී ඇත.

ඉහත ගනුදෙනු සඳහා සත්‍යවශයෙන්ම වියදම් වී තිබෙන්නේ ඩොලර් මිලියන 7.9 කි.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති මෙන්ම ආරක්‍ෂක ඇමතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාබයගේ අත්සනින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඩොලර් මිලියන 14ක මුදලක් බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි බෙල්මිස්සා හෝල්ඩින්ස් සමාගමට ගෙවා, තවත් ඩොලර් මිලියන 7ක් ලබාගෙන ඇත. නමුත් ගනුදෙනුවට වියදම් වී ඇත්තේ ඉහත කී ඩොලර් මිලියන 07 පමණි. මේ අනුව ඩොලර් මිලියන 11.1 ක් පමණ දූෂිතව ලබාගෙන ඇත.

ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති රොෂාන් ගුණතිලක ලවා යුක්රේන් මාර්ෂ් සමාගම සමග 2006 ජූලී මස ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව ඉහත සඳහන් මිග් යානා මිලදී ගැනීමට සහ අලුත්වැඩියා කිරීමට එකඟ වී ඇත.

නමුත්, යුක්රේන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසිය මෙම ගිවිසුම් සාවද්‍යය එකක් බව සහතික කොට ඇත. තවද, ඩොලර් මිලියන 14ක් ගෙවා ඇත්තේ ගිවිසුම අත්සන් කළ යුක්රේන් මාර්ෂ් සමාගමට නොව වෙනත් සමාගමක් වන බෙල්මිස්සා හෝල්ඩින්ස් සමාගමටය.

මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඩොලර් මිලියන 11.1 මුදලක වංචාවට වගකිව යුතුබව පෙනේ.

මෙම වංචාව මහින්ද රාජපක්ෂගේ කිට්ටු ඥාතියෙක් වන ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බ්න්ධීකරණය කර ඇතිබව අනාවරණය වී ඇත. ඔහු සේවය කළ තානාපති කාර්යාලයේදී අදාළ සමාගම සමඟ එම ගිවිසුම අත්සන් කොට වීරතුංග විසින්ම ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගෙන් ගිවිසුමට අත්සන් ලබාගෙන ඇත.



0 comments:

Post a Comment

Top Ad 728x90