Top Ad 728x90

Wednesday, January 24, 2018

, ,

මහින්ද අමරවීරගේ “පුත්‍ර රත්නය” ධීවර අමාත්‍යාංශයට ගේම දෙයි: රස්සා දෙන බව කියමින් ලක්ෂ ගණන් මුදල් ගරලා

එක් අයෙකුගෙන් ලක්ෂ පහ-හමාර බැගින් පුද්ගලයින් 40කගෙන් පමණ මුදල් වංචා  කරලා


ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා, ධීවර අමාත්‍යාංශයේ සියලු රෙගුලාසී උල්ලංඝණය කරමින් තරුණ/ තරුණියන්ට රැකියා දෙන බව කියමින් එක අයෙකුගේ ලක්‍ෂ පහ හමාර බැගින් එකතු කොට තබේ. මෙසේ පුද්ගලයින් හතළිස් දෙනෙකුගෙන් පමණ මුදල් ගරාගෙන ඇති නමුත්, අද වන තුරුත් ලබා දී ඇති රැකියාවක් නොමැත.

අදාළ වංචාකාර ඇමති පුත්‍රයා, තමන්ගේ දෙස්පාළං ආවතේවකරුවෙකු වන අම්පාරේ පදිංචි “මාස්ටර්” නමැති අයෙකු මාර්ගයෙන් මෙසේ මුදල් එකතු කොට තිබේ.

සිංහල ජාතිකයින්ගෙන් පමණක් නොව යාපනය ප්‍රදේශයේ පදිංචි දෙමළ තරුණයන් කිහිප දෙනෙකුගෙන්ද මෙසේ මුදල් රැගෙන ඇති බව ටිංකිරි වෙත වාර්තා වේ.


මහින්ද රාජපක්ෂ සමඟ සිටිමින්, වතමන් ආණ්ඩුවට කළ හැකි උපරිම කෙණහිලිකම් කරනු ලැබූ අමරවීර, යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු කිසිඳු ලැජ්ජාවක් නොමැතිව මාරුව දැමු අයෙකි. ඉන් පසු, ආණ්ඩුවේ සහ නායකත්වයේ ප්‍රතිරූපය නැංවීමට නොව, තම පෞද්ගලික ආශාවන් ඉටුකර ගැනීම සඳහා දේශපාලන බලය භාවිතා කරමින් සිටින්නේය.

0 comments:

Post a Comment

Top Ad 728x90