Top Ad 728x90

Wednesday, January 24, 2018

, ,

ඉහළින් ආ නියෝග නිසා කට්ටි පනින ජාතික හොරු: අංක 01 --- ඩිලාන් පෙරේරා

මෙරට ඉහළම තැනකින් පැමිණි නියෝග හේතුවෙන්  මේ වන විට නිදහසේ සිටින හොරුන් රාශියකි. යහපාලනය කිරීමට යැයි පවසමින්, ව්‍යාජ බණ ගොතා ජනතාව රටවා ඇති මෙම අයවලුන්, රටේ නීතියේ  ආධිපත්‍යයට මෙන්ම මානව නිදහසට කරමින් සිටින විනාශය අපමණය. මෙහිදී පළමුව අවධාරණය කළ යුතු පුද්ගලයා වන්නේ ඩිලාන් පෙරේරා මහතාය. අනෙක් ඇය පිළිබඳවද ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මේ එම හොරා කළ වංචා වලින් හෙළිදරව් වී ඇති ප්‍රධාන සිදුවීම් කිහිපයකි.

01. ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇමති ලෙස සිටි යුගයේ රුපියල් මිලියන 247.6ක මුදලක් වංචා කොට ඇත

02. අමාත්‍යාංශයේ විවිධ කටයුතු සඳහා කියා ව්‍යාජ බිල්පත් නිකුත් කර ඇති කරුණු12 ක් සම්බන්ධව පර්යේෂණ ආරම්භ කර, ඉන් 02ක් සම්පූරණ කර, ඉතිරි 10 සම්පූර්ණ කිරීම සඳහා ඩිලාන් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේ මෙම පරීක්ෂණය නවත්වන්න යැයි නියෝග ලැබී ඇත.

මේ වන විට නිමා කර ඇති පරීක්‍ෂණ සම්බන්ධව කෙටි විස්තරයක්;

අ. විදේශ සේවා කාර්යාංශයේ වැඩ මුළුවක් සඳහා යැයි කියමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂ 20 ක් මුදලක් “ රාවණාඇල්ල ෆුඩ් ඇන්ඩ් කෙටර්ස්” නමැති ආයතනයට නිකුත් කර, එම ආයතනය විසින් රුපියල් ලක්ෂ 20 ක චෙක්පත් බත්තරමුල්ල මහජන බැංකු ශාඛාවේ ඇති ඩිලාන් පෙරේරා පදනම නම් ආයතනයේ ගිණුමකට බැරකර ඇත.

ආ. කොස්ලන්ද මීරියබැද්දේ නාය යෑමට ලක්වූ ජනතාවට සහන ලබාදීමට කියා රුපියල් ලක්‍ෂ 20ක මුදලක් විදේශ සේවා කාර්යාංශයෙන් ලබාගෙන, බදුල්ල නගරයේ වෙළඳ සලකින් භාණ්ඩ ලබාගත් බවට බිල්පත් නිකුත්කර ඇත. නමුත් භාණ්ඩ ලබාදුන් පුද්ගලයින් පිළිබඳ කිසිඳු තොරතුරක් නැත. බිල්පත් වල සඳහන් කර තිබෙන සියලු භාණ්ඩ ලබා නොදුන් බවත් , ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ලබා දුන් බවත් වෙළඳ සැලේ හිමුකරු ප්‍රකාශ කොට ඇත.

ඇ.  විදේශ සේවා කාර්යාංශයේ බදුල්ල ශාඛාවේ කළමනාකරු සුරේෂ් කුමාර් මේ පිළිබඳව වැඩ තනමකට ලක් කර ඇත.

ඈ. මේ අනුව ඩිලාන් පෙරේරා, නාය යෑමට ලක් වූ අහිංසක මිනිසුන්ගේ නමින් රජයේ ආයතනයකින් මුදල් ලබාගෙන , හොර බිල්පත් ඉදිරිපත් කර එම මුදල් ඔහු ලබාගත් බව පැහැදිළිවේ.

ඉ. වි. සේ. කා. යේ හිටපු සභාපති සේනාධිලංකාර, සාමාන්‍යාධිකාරි බටගොඩ ඇතුළු තව නිලධාරීන් 04 දෙනෙකු  මෙම මුදල් වංචාවලට සම්බන්ධ බව අනාවරණය වී ඇත. මේ සියලු වංචා ඩිලාන්ගේ නියෝග මත සිදුවී ඇති බවට කරුණු හෙළිවෙමින් පවතී.





0 comments:

Post a Comment

Top Ad 728x90