Top Ad 728x90

Thursday, December 14, 2017

, ,

එක්නැලිගොඩ මරන්න රුවන් ඔත්තුදුන්නද කියා හොයන්න - මංගල CIDයෙන් ඉල්ලයි


රුසියාවේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමකට  අනුව සිය මිතුරන් දෙදෙනෙකු වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන සහ නිමල් ඒකනායක සමඟ රුසියාවේ සංචාරයකට ගොස් සිටින සිය පෞද්ගලික ලේකම් රුවන් ප්‍රදිනැන්දිස් මහතා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාමේ සිද්ධියට සම්බන්ධදැයි සොයා බලන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ “ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් සම්බන්ධයි” යන සිරස්තලයෙන් ලංකා ඊ නිවුස් පලකර ඇති ලිපිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙසට සමරවීර මහතාගෙන් සිය ලේකම් ප්‍රදිනැන්දිස් මහතා කර ඇති ලිඛිත ඉල්ලීමකට අනුවය.

එම ලිඛිත ඉල්ලීම කර ඇති ප්‍රදිනැන්දිස් මහතා රහස් පොලිස් විමර්ශනයේ අපක්ෂපාතීත්වය සලකා ඊට අදාල විමර්ශන අවසන් වන තෙක් සිය ධූරයෙන් තාවකාලිකව ඉවත්වී සිටීමටද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා තිබේ.










අදාළ පුවත වාර්තා වීමෙන් පසු, රුසියාවේදී ලබාගත් සේයාරූ කිහිපයක් තම මුහුණු පොතේ පළකරමින්, සැලසීනේ ආයතනයේ ප්‍රධානි ශාන්ත බණ්ඩාර ජයවර්ධන, රුවන් CID ඔත්තුකරුවෙක්ද? එසේත් නොවේනම් KGB ඔත්තුකරුවෙක්ද? යැයි අසා ඇත්තේ හාස්‍යයට මෙනි. 

රුවන් විසින් තම අමාත්‍යවරයාට ලියනු ලැබූ අදාළ ලිපිය පහත දැක්වේ.


0 comments:

Post a Comment

Top Ad 728x90