Top Ad 728x90

Wednesday, December 13, 2017

, ,

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කිලී මහරාජා යටතේ වැඩ කළාලු?

ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම් කපිල වෛද්‍යරත්න  කිලි මහරාජාගේ කැපිටල් මහරාජා සමාගම  යටතේ කාලයක් තිස්සේ සේවාදායකයෙකු ලෙස කටයුතු කොට ඇති බව රටේ ප්‍රධාන පෙලේ දේශපාලන බලවේග අතර පැතිරෙමින් පවතින ආරංචියකි. නමුත්, එම සේවාදායක ඉතිහාසය කුමන හෝ බරපතළ හේතුවක් නිසා ඔහු සඟවා තබා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

කිලී මහරාජා මේ වන විට සිරි ලංකාවේ “රජුන් හදන රජුන් නසන” කෙනා බවට පත් වී ඇති බැවින්, ඔහුට රටේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත තමන්ගේ කෙනෙකු දමා ගැනීමේ විශාල අවශ්‍යතාවයක් තිබුණි. එය මේ වන විට සම්පූරණ වී ඇතැයි සිතෙන්නේ, රටේ ජාතික ආරක්ෂාව ගැන මෙලොව හසරක් නොදන්නා ගොබ්බයෙකු, එහි ලේකම් ධූරයට පත් කිරීමට සමත්වී ඇති හෙයිනි.

මෙහි විනාශය ඉතාම දීර්ඝකාලීන විය හැකිය. මෙවැනි භාරධූර තනතුරු වලට පත් කරන විට  බලධාරීන් ඔවුන්ගේ වගතුග මෙන්ම බොහෝ දෑ ඉතාම පරෙස්සමින් රටේ ආරක්‍ෂාව සහ අනාගතය වෙනුවෙන් සලකා බැලිය යුතු වේ. ඒත් මේ රටේ සිදුවෙන්නේ වෙන දෙයකි.

ඔන්න වෛද්‍යරත්න මහත්තයෝ අපි නෙමෙයි ඕවා කියන්නේ; මේක බලලා වවුලෙක් වගේ අවුල් වෙලා මේවා කියන යට හෙමින් නූලේ ගේම දෙන්නේ නැතුව, වැරදිනම් චූටි උත්තරයක් එවන්න; “අනේ මම ඔය කියන එකේ වැඩ කළේ නෑ කියලා”. එව්වොත් දානවා ඒක එහෙම පිටින්ම. 

ඔයා ටිංකිරි ගාගත්තට කමක් නෑ; ඒත් රටට ටිංකිරි ගාන්නා එපා මහත්තයෝ. ඒවා පව්වැඩ. 

0 comments:

Post a Comment

Top Ad 728x90