Top Ad 728x90

Friday, December 29, 2017

, ,

වෙබ් මාධ්‍යවේදීන්ගේ අ(නා)චාර ධර්ම එළිදකී - ලංකා ඊ නිව්ස් නම කීම තහනම් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනමාධ්‍යය හා මුදල් අමාත්‍යය මංගල පින්සිරි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ජෙයික් හිල්ටන් හෝටලයේදී  වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය යැයි කියා ගන්නා පිරිසක් විසින් සංවිධානය කර තිබූ උත්සවයේදී  ආචාර ධර්ම පද්ධතියක් ප්‍රසිද්ධ කරනු ලැබීය.

එහිදී ටිංකිරි වෙත තොරතුරු සැපයූ අයෙකු සඳහන් කරනු ලැබුවේ සමස්ථ උත්සවය සඳහා රුපියල් මිලියන තිස් පහක් විවිධ ව්‍යාපාරිකයින් සහ ඇතැම් දේශපාලනඥයින් විසින් මීට පිරිනමා ඇති බවයි. එසේම, එහිදී ඉතිරි වූ මුදල එය සංවිධානය කළ පිරිසක් අතර බෙදාගෙන ඇත.  මෙම තොරතුරු වැරදි නම්, මෙම අරුම පුදුම දවල් කෑමට ගිය මුළු වියදම සහ එය උපයාගත් ආකාරය ගැන ප්‍රසිද්ධ කරන ලෙස එම තොරතුරු දුන් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වාර්තා වූ තවත් කාරණයක් වූයේ, මෙම උත්සවයේදී, මේ වන විට මෛත්‍රිපාල සිරිසේන පරිපාලනය විසින් ලංකාවේදී පිවිසීමට තහනම් කොට ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නම සඳහන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකියාව කරන සිරාල් ලක්තිලක ඇතුළු කණඩායම විසින් තහනම් කොට ඇති බවයි. එම නියෝගය මෙම උත්සවය සංවිධානය කළ පිරිසට දැනුම් දෙනු ලැබුවේ සිරාල් ලක්තිලක විසින් යැයි සඳහන් වේ.

එය නිවට කීකරු බළල් පැටවුන් සේ අනුමත කළ මෙම සංගමයේ  මරුසිරාලා පිරිස, හෙමින් නූලෙන් සිරිසේන මහතාගේ හොඳ හිත දිනාගෙන කීයක් හෝ හම්බ කර ගැනීම සඳහා, මේ වන විට පිවිසීමට නොහැකි ඇතැම් වෙබ් අඩවි වලට පිවිසීම සඳහා ඇති අවහිරතාව නවතා දැමිය යුතු යැයි උඩින් පල්ලෙන් කියා ඇඟ බේරාගෙන ඇත.

මෙම අරුම පුදුම වෙබ් ගනුදෙනුව සඳහා පැමිණි පිරිස ගැන ඊට සහභාගී වූ මුදල් අමාත්‍යංශයේ කටයුතු කරන ඉහළ පෙළේ නිලධාරියෙකු ටිංකිරි වෙත කියා සිටියේ; “රාජගිරියේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට වී රෑට රෑට බේබදු සිහින දකින බේබද්දන්ගෙන් එය පිරි ඉතිරී තිබූ බවයි”.



0 comments:

Post a Comment

Top Ad 728x90