Top Ad 728x90

Sunday, December 3, 2017

, , ,

අලුත් නාවික හමුදාපති රණසිංහ පත්වුණේ මෙහෙමයි

නව නාවික හමුදාපති වශයෙන් පත් කරනු ලැබූ එස්.එස්. රණසිංහ මහතා එම ධූරයට පත් වීම සඳහා ඉතාම රහසෙන් බොහෝ කටයුතු කළ නිලධාරියෙකි. ඔහුගේ අඹ යාළුවෙකු වූ ට්‍රැවිස් සින්නයියා මහතාට සේවා දිගුවක් ලබා නොදී කෙසේ හෝ තමන්ගේ පත් වීම ලබා ගැනීම ඔහුගේ එකම අරමුණ විය.



රණසිංහ මහතා අහිංසක නිලධාරියකු වන නමුත් අවසානයේ විශාල ආශාවකින් පෙළුණු හෙතම එම පත්වීම ලබා ගැනීම සඳහා, ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභිමුඛව මෙන්ම තවත් එක් තරුණ ඇමතිවරයෙකු ඉදිරිපිට ඇඬු බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි.

මෙලෙස අඩු තරමින් තෙවතාවක් රණසිංහ මහතා තමන්ට නාවික හමුදා ධූරය ලබා දෙන ලෙස ඉල්ලා කඳුළු වගුරවමින් ඇඬු බව අදාළ ආරංචි  මාර්ග වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.


මීට පෙර ආවස්ථා වලදසමහර නිලධාරීන් පත්වීම් ලබා ගැනීම සඳහා මෙන්ම, සේවය දීර්ඝ කර ගැසීම සඳහා ඉකිගසමින් ඇඬු අවස්ථා ගොඩාක් ඇතිබව ටිංකිරි වෙත තොරතුරු ලබාදෙන ආරංචිමාර්ග සඳහන් කරති. 

0 comments:

Post a Comment

Top Ad 728x90