Top Ad 728x90

Sunday, December 3, 2017

, ,

මහරාජා අවිආයුධ වෙළඳාමේ ඒකාධිකාරිය අතට ගනී!

කැපිටල් මහරාජා සමාගම මෙරට අරාක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ කටයුතු සියල්ලම පාහේ තම ග්‍රහණයට ගෙන ඇති අතර, අවි ආයුධ සම්බන්ධ ගනුදෙනු සියල්ලම තම ඒකාධිකාරියකට නතුකර ගැනීම සඳහා වූ සියලු කටයුතු සම්පූරණ කරගෙන තිබේ.

මෙහි එක්තරා වැදගත් අවස්ථාවක් ලෙස රුසියාවෙන් ලැබෙන ණය මුදලකට ලබා ගැනීමට නියමිත නෞකාව ලබා ගැනීමේ අවසන් ගිවිසුම් වලට තවත් දින කිහිපයකින් අත්සන් කරනු ඇත. අදාළ ගිවිසුම සම්පූරණ කිරීම සඳහා රුසියානු සමාගම වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ නියෝජිතයින් දෙදෙනෙකු මේ වන විටත් මෙරට පැමිණ සිටිති.


ඉන් පසු එළඹෙන සතියේදී අදාළ ආයතනයේ ප්‍රධානියා මෙරටට පැමිණීමට නියමිතව ඇත. තම පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිත අදාළ ආයතන ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රථ දෙකක් ඉල්ලා ඇත.

කැපිටල් මහරාජා සමාගමේ ප්‍රධානියා වන කිලී මහරාජා, එහි ප්‍රධානියෙකු වන නිමල් කුක් ඇතුළු පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බොහෝ ප්‍රතිපත්ති තීරණ සඳහා ඉතාම අහිතකර ලෙස බලපෑම් සිදුකොට ඇත.


මෙලෙස අවි ආයුධ මිලදී ගැනීම සඳහා පයිප්ප බට තැනීමට සමත්කම දැක්වූ ආයතනයක් ඉදිරිපත් වීම, රටේ ජාතික ආරක්‍ෂාව කුණුකොල්ලයට දැමීමක් බව මේ වන විට බොහෝ දෙනෙකු අතර පැතිරෙමින් පවතින මූලික කාරණයක් බවට පත් වී තිබේ. 

0 comments:

Post a Comment

Top Ad 728x90