Top Ad 728x90

Tuesday, December 5, 2017

, ,

සුදාගේ සුරංගනා කතාව: ටිංකිරි ගාගෙන නෑමක්ද?


මේ දිනවල මේ රටේ කාර්යය බහුලම පුද්ගලයින් අතර ප්‍රධාන පුද්ගලයෙකු වන සුදර්ශන ගුණවර්ධන පුවත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වේ. එයා පත් වුණේ, පඩි මදි කියලා ආචාර්යය රංග මහත්තයා එකෙන් අයින් වුණාට පස්සේ. ඉතින් ඒ කාර්යය බහුල වෙලාව අතර තුර එයා ලස්සනම ලස්සන සුරංගනා කතාවක් ලියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම පහළින් දැම්මා.

සුදා කියලා දන්නා කියන ඔහුට ආදරේ කරන අය කතා කරන මේ මහත්තයා මෙහෙම කතාවක් එක පාරම ලිව්වේ මොනවගේ හේතුවක් නිසාද කියන එක ටිංකිරි අපටනම් දැනෙන්නේ, සුදාම සුදාගේ ටිංකිරි ගෑ ගැනීමක් විදිහටයි. හොරේෂියෝ කවුද? රජතුමා කවුද? දොස්තර කවුද? කියලා දන්නෝ දනිති.

ඒක රයිට්ස් නව් එකට වගේම එකට යුරෝපියන් යුනියන් එකෙන් අවුරුදු තුනකට ව්‍යාපෘති කිරීමට ලැබුණු අතිවිශාල ධනස්කන්ධය වගේම, රයිට්ස් නව් එකේ හිටිය නංගියා විධායක බලතල අතට අරන් එකේ හිටිය අනෙක් “අයියලාගේ” සහ “ මල්ලිලාගේ” බෙල්ල කපලා සුදා අයියා එයාගෙම කරගත්ත හැටි මේ කතාවේ ඉතා අපූරුවට ලියල තියෙනවා.  තමන් විසින්ම ටිංකිරි ගෑ ගැනීම ඉතාම අඩු රටක, මෙහෙම අවංකව ඉදිරිපත් වෙලා ටිංකිරි ගෑ ගැනීම ගැන සුදා මහත්තයාට අපි තැන්ක්යූ කියන්න ඕන නේද. අනේ ඉතින් මේක දැකලා දැන් පෙස්සන් ගහන්න එපා ටිංකිරි බ්ලොක් කරපියව් කියලා.



මෙන්න සුදා නීතීඥ මහත්තයාගේ සුරංගනා කතාව හෙවත්; සුදා කතා අංක එක:


ඔන්න එකෝමත් එක කාලෙක ඈත එපිට රාජ්‍යයක රජ කෙනෙක් ජීවත් වුණාලු. මේ රජ්ජුරුවන්ට හිටියා හරිම ලස්සන බිසවක්. මේ බිසවට තිබුණේ හරියට සුරංගනා කතාවල ඉන්න සුරංගනාවක් වගේ ඉතාමත් පියකරු ලස්සන මුහුණක්.

මේ රටේ හිටියා ‘නික්’ කියලා ප්‍රසිද්ධ නයිට්වරයෙක්. ඔහු හුගක් ප්‍රසිද්ධියට පත්වුණේ මකරුන් දඩයම් කරන්නෙකු හැටියටයි. කොහොමවුණත් නික්ට නොසන්සිදෙන ආසාවක් ඇතිවුණා සුරංගනාවක් වගේ ලස්සන රජ බිසවගේ මුහුණ සිප ගන්නට. මේ ආශාව සන්සිදවා ගන්න ගියොත් අනිවාර්යෙන්ම ඔහුට රජුගෙන් හිමිවන්නේ මරණයයි.

එක දවසක් නික් තම රහසිගත ආශාව රාජකීය වෛද්‍යවරයා වූ හොරේෂියෝට හෙළි කළා. සමහර දොස්තරලා ඉන්නවානේ ඕන දෙයක් කරන්න හැකියාව තියෙන. දොස්තර හොරේෂියෝත් ඒ වගේ කෙනෙක්. දොස්තර හොරේෂියෝ කිව්වේ නික්ගේ ආශාව සංතෘප්ත කරගන්න අවස්ථාවක් සලසන්න තමාට පුලුවන් කියලයි. නමුත් මේ වෙනුවෙන් ගාස්තු වශයෙන් රන් කාසි දහසක් අය කරන බවද දොස්තර නික්ට කිව්වා. නික් මේ යෝජනාවට උඩින්ම කැමති වුණා.

ගෑවුණාම කසන පවුඩර් වර්ගයක් හදාගත් දොස්තර හොරේෂියෝ එයින් ස්වල්පයක් අරගෙන පහුවෙනිදා උදේ රජමාළිගාවට ගියා. රජ බිසව ස්නානය කරන අතරතුරදී ඔහු බිසවගේ මුහුණ පිසදමන සලුවට මේ පවුඩර් ටිකක් දැම්මා. නාලා ඉවර වෙලා ඇදුම් ඇදගෙන මාළිගාවට ගිය අසරණ බිසවගේ මුළු මුහුණම ටික වේලාවකින් තදින් කසන්න පටන් ගත්තා.

මේ බව ආරංචි වුණ රජතුමා රාජකීය වෛද්‍ය දොස්තර හොරේෂියෝව මාළිගාවට කැදෙව්වා. ඔහු ඉතාම වුවමනාවෙන් බිසවගේ මුහුණ පරීක්ෂා කර බැලුවා. මෙම කැසීම නවත්තන්නට නම් එක්තරා විශේෂ වර්ගයක කෙළ පැය හතරක් තිස්සේ මුහුණ මත අලේප කළයුතු බවත් පරීක්ෂණවලින් හෙළි වී ඇති අන්දමට නික්ගේ කෙළ ඒ සදහා ගැළපෙන බවත් දොස්තර හොරේෂියෝ පැවසුවා.

සැනසීමට පත් රජතුමා වහාම නික් රජ මාළිගයට කැදෙව්වා. ඒ අතර දොස්තර කැසීම නතර කිරීමට අවශ්‍ය ඹෟෂධයද රහසිගතව නික්ගේ අතට ලබාදුන්නා. එම ඹෟෂධය කටේ දමාගත් නික් හිතේ හැටියට බිසවගේ සුන්දර මුහුණ සිප ගනිමින් තම ආශාව සන්සිදවා ගත්තේ පැය හතරක් මුළුල්ලේ තම කෙළ ඇගේ මුහුණේ අලේප කරමිනුයි. අවසානයේදී බිසව සුවපත් වුණා. නික් ජාතික වීරයෙක් බවට පත් වුණා.

ජයග්‍රාහී විලාසයෙන් ආපහු තම නිවසට පැමිණි නික් වීරයා දුටුවේ තමා එනතුරු දොස්තර හොරේෂියෝ මග බලා සිටින ආකාරයයි. නික්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට තමන් සමත් වූ නිසා පොරොන්දු වු පරිදි රන් කාසි දහසක ගාස්තුව ගෙවන ලෙස දොස්තර ඉල්ලා සිටියා.මේ වන විට තම ආශාව සන්සිදුවාගෙන හමාර නිසා ‘නිකන් මොකටද රන් කාසි දාහක් වියදම් කරන්නේ‘ කියා නික් කල්පනා කළා. ‘මොකද දොස්තර ගිහිල්ලා වෙච්ච සිද්ධිය රජතුමාට පැමිණිලි කරන්නද?' ඒ නිසා තම ආත්මාර්ථකාමී වුවමනාවන් ඉටු කර ගන්න අනෙක් අයගේ උදව් ලබා ගන්නා බොහෝ දෙනෙක් තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ කියනවා වගේ නික් හොරේෂියෝට කිව්වා ‘අනේ නිකන් යනවා ඕයි යන්න, නිකන් පව් නොදී‘ කියලා. කරකියා ගන්න දෙයක් නැතිවුණ දොස්තර ආපහු හැරිලා යන්න ගියා.

දැන් ඔබ හිතනවා ඇති කතාව මෙතනින් ඉවර වුණා කියලා. ඔබ වුණත් මේක කියවලා මේ කරපු පහත් වැඩේ ගැන නික්ටත්, මේ වගේ අශ්ලීල කතාවක් පළ කිරීම ගැන මටත් හොදටම බණිනවා ඇති. ඕන ඔට්ටුවක් අල්ලන්නම් ඒ වුණත් ඔබ හිත යටින් කල්පනා කරනවා ඇති නික්කාරයා තමයි දවසකටවත් පුතයා කියලා. මිනිහා තමන්ගේ වැඩෙත් කරගෙන දොස්තරටත් ගේම දුන්නා. මේ වගේ අය තමයි අපේ කාලයේ වීරයෝ වෙලා තියෙන්නේ. නමුත් වාසනාවට හෝ අවාසනාවට කතාව තවම ඉවර නැහැ.

පසුවදා උදේම හෝරේෂියෝ දොස්තර නැවතත් රජමාළිගයට ගිහිං අර කලින් හදාගත්ත වර්ගයේ කසන පවුඩර් විශාල ප්‍රමාණයක් සෝදලා වැලේ වනා තිබුණු රජතුමාගේ යට ඇදුම ඇතුළට හොරෙන්ම දැම්මා.
ඉතින් පසුවදා රජතුමා වහාම නික්ට මාළිගයට එන ලෙස පණිවුඩයක් යැව්වා.

ඊට පස්සේ..

ආදර්ශය – ඔබේ පොරොන්දු හැමවිටම ඉටු කරන්න

0 comments:

Post a Comment

Top Ad 728x90