Top Ad 728x90

Wednesday, December 13, 2017

, , , ,

ලංකාවේ රැඳී සිටින රුසියානු රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ කණ්ඩායම ගැන අමෙරිකාව සීරුවෙන්

ශ්‍රී ලංකා රජයට ලබාදීමට යෝජනා කොට ඇති රාජ්‍යය ණය මුදලට ලබාගැනීමට නියමිත මුර සංචාරක නෞකාව ඇතුළු  භාණ්ඩ සම්බන්ධ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ නියෝජිත පිරිසක් මේ දිනවල මෙරට සංචාරය කරති. පළමුව සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය අදාළ නියෝජිත පිරිස වෙනුවෙන් වෙන්කොට තිබුණද, පසුව ඔවුහු සැන්ග්‍රීලා හෝටලයේ නවාතැන් ගැනීමට තීරණය කළහ.

අදාළ කණඩායමේ කටයුතු සිත් ඇදගන්නා ආකාරයෙන් ඉටු කිරීම සඳහා, තම ප්‍රේමවන්තිය තමන්ගේ අතින් හදිසියේ ගැබ්ගැනීම හේතුවෙන් ඇය කසාද බඳින ලෙස බලකිරීම හේතුවෙන් කසාද බැඳගත් මහරාජා සමාගමේ සේවය කරන ඩැනියෙල් නමැති අයෙකු ඉතාම වෙහෙස මහන්සි වී කටයුතු කරන බව වාර්තා වේ.

අදාළ ගනුදෙනුව තම සමාගම ඔස්සේ සිදු කොට ඉන් ලැබෙන විශාල කොමිස්මුදල තම සාක්කුවේ දමාගැ , ඔහුගේ නීම එකම අරමුණ වී තිබේ. මේ හාදයා ජාතික ආරක්ෂාව ගැන මෙලොව හසරක් නොදන්නා පුද්ගලයෙකි. රටට හෙණ වැදුණද මුන්ගේ ගාන ලැබෙනවානම් ඕනෑම දෙයක් සිදුකිරීමට පසුබට නොවන මොවුන් මිලදී ගැනීමට නියමිත මුර සංචාරක නෞකාව කෙසේ හෝ ලබා ගැනීමට උත්සහ කරති.

මේ අතර අදාළ සමාගමේ ශ්‍රී ලංකා සංචාරය වාර්තා වූ සැනින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාලය තමන් විසින් ලංකාවට ලබාදීමට නිමිත මුදා සංචාරක නෞකාව ගැන සටහනක් තබනු ලබුවේ වක්‍ර අනතුරු ඇඟවීමක් කරන ලීලාවෙනි.

U.S. to transfer U.S. Coast Guard Cutter to Sri Lanka further enhancing US-SL Indo-Pacific Partnership. The Secretary Class High Endurance Cutter will allow #SriLanka to more effectively police its coastline and Exclusive Economic Zone and to protect its sea lines of trade and communication,” ඇමෙරිකා එක්සත් ජනපද කාර්යාලය එසේ සඳහන් කරමින් අදාළ නෞකාවේ සේයාරුවක්ද පළ කරණු ලැබීය.


බොහෝ වෙළඳ සහ ආරක්‍ෂක ගිවිසුම් තම අරමුණු වලට බලපෑම් කරන බොහෝ අවස්ථා වල ඇමෙරිකා එක්සත් ජනපදය තමන් විසින් අනෙක් රටවලට කරන සහයෝගය ගැන මතක් කර දී ඇත්තේ මෙසේය.

එසේම තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, රුසියානු සමාගම මෙන්ම ඊට සම්බන්ධ දේශීය නියෝජිතයින් විසින් සිදුකරණ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් ඉතාම සීරුවෙන් නීරීක්ෂණය කරනු ලබයි. එහි එක්පියවරක් ලෙස, මහරාජා සමාගමේ සේවය කරන නිමල් කුක් නමැති අයෙකු  ඇමෙරිකානු වාණිජ විද්‍යා මණ්ඩලයෙන් ඉවත් කිරීමට මීට දින කිහිපයකට පෙර කටයුතු කොට ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි.


0 comments:

Post a Comment

Top Ad 728x90