Top Ad 728x90

Saturday, December 2, 2017

,

මෛත්‍රී උගුලේ පටලවන මරාගේ කල්ලිය!

මෛත්‍රීගේ රහස් එළියට දී මෛත්‍රී නනත්තාර කරන “මරාගේ” කල්ලිය ජනාධිපතිමෛත්‍රිපාල සිරිසේන මහතා හුදෙකලා කොට ඇත. එක්සත් ජාතික පෙරමුණෙන්ද ඔහුට යම් කිසි සිත් වේදනා නොතිබුනා නොවේ. මෙය ඉතාම හොඳින් කිරා මැන අවබෝධ කරගත් පිරිසක් ජනාධිපතිවරයා වෙත කිට්ටු වී, ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව තුළ කායික සහ මානසික වශයෙන් හුදෙකලා කොට ඇත. තමන්ට නායකත්වය ලබාදීමට කටයුතු කළ පිරිස ගැන වෛරයක් නිර්මාණය කොට ඇත.


මෙය පසුගිය කාලය පුරාම ඉතාම මැනවින් ක්‍රියාත්මක වූ මෙහෙයුමක් වූ අතර එහි ප්‍රධාන නිර්මාතෘවරුන් කිහිප දෙනෙකි;

01. ජනාධිපති සම්බන්ධීකාරක ශිරාල් ලක්තිලක
02. අශෝක අබේගුණවර්ධන
03. අතුරලියේ රතන
04. ආචාර්යය දයාන් ජයතිලක
05. මෛත්‍රී ගුණරත්න

තවත් කිහිප දෙනෙකු මෙම කල්ලි නියෝජනය කරති. ඔවුන්ගේ අරමුණ වෙන කිසිවක් නොව, වත්මන් ආණ්ඩුව කඩාබිඳ තම සිතැඟියාවන්ට අනුකූලවන ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වන රාජ්‍යය පරිපාලනයක් ඇති කිරීමය.

විශේෂයෙන් දයාන් ජයතිලක ජනාධිපතිවරයාගේ නොනිල විදේශ කටයුතු සම්බන්ධ උපදේශකයා ලෙස කටයුතු කරන අතර සෑම විටම හොර රහසේ ජනාධිපති කාර්යාලයට රිංගා යෑමට පුරුදු වී සිටින්නෙකි.  ඔහුගේ, චීන හිතවාදී සහ ඉන්දියානු විරෝධී පටු ආකල්ප හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය  කලාපීය වශයෙන් මහත් අර්බුදයකට තල්ලු කොට තිබේ.


කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් මෙරට නායකත්වයට ටිංකිරි ගා ගැනීමට ඉඩදී, රටේ දේශපාලනය තුළ හුදෙකලා කොට වත්මන් ආණ්ඩුව රටේ දුර්වලතම ආණ්ඩුව බවට පත්කොට, යළිත් තම “ගැලවුම්කරුවා” රැගෙන ඒම මෙම කුපාඩි උපදේශකයන්ගේ අරමුණ වී තිබේ. 

0 comments:

Post a Comment

Top Ad 728x90