Top Ad 728x90

Thursday, December 14, 2017

, , , , ,

මම උගෙන් කන්න යන්නේ නෑ - රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිගේ ඉල්ලීම ඉවත දැමු තුසිත හල්ලොලුව කියයි

අවස්ථා කිහිපයකදී තමන්ට රුසියාවේ පැමිණ “ආතල් එකක්” ගන්නා ලෙස රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති “දොස්තර” සමන් වීරසිංහ මහතා තමන්ට ආරාධනා කළ නමුත් එවැනි අවස්ථා රාශියක් තමන් ඉවත දැමූ බව ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂක මෙන්ම මුදල් සහ ජනමාධ්‍යය අමාත්‍යංශයේ කාර්යය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව මහතා ප්‍රකාශ කොට ඇත.

කොහොම වුණත්, “සමන්ගේ කරදරෙන් බේරෙන්න එක පාරක් ගියා, ආයේ ගියේ නෑ. හපෝ... මිනිහා ඕනෑම එකෙක් සල්ලි දීලා ගන්න එකෙක්. මම උගෙන් කන්න යන්නේ නෑ,” හල්ලොලුව මහතා ඊයේ රාත්‍රී කෑම ගැනීම සඳහා හමු වූ මිතුරන් කිහිප දෙනෙකු සමඟ ප්‍රකාශ කොට ඇත.



පොහොර සංස්ථාවේ දූෂණ වලට විරෝධය පාමින් කෘෂිකර්ම ඇමතිට ප්‍රභල විවේචනයක් සිදුකොට ඉල්ලා අස් වූ හල්ලොලුව, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙවරක් සිදුකළ නිලධාරියෙකු බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.

‘නෑ මචං ඕවා කරලා මිනිසුන්ට මුහුණ දෙන්න බෑ. මම කැමති නෑනේ මචං මගේ නම කැත කරගන්න. සමන්ට අපි කරන්න පුළුවන් දේවල් කරා, මිනිහා මේ මහරාජලා එක්කයි, අනිත් වුන් එක්කයි එකතු වෙලා ගහණ ගැහිලි වලින් රටට සෙතක් නෑනේ මචං,”  හල්ලොලුව මහතා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකා තානාපති වරයාගේ “පෞද්ගලික” ආරාධනයෙන් මේ දිනවල රුසියාවේ සංචාරය කරන තම මිතුරන් කණ්ඩායමක් ගැන මතක් කරමිනි.

ටිංකිරි කණඩායමට අනුව, අදාළ තානාපතිවරයාගේ ධූරකාලය දෙසැම්බර් මාසයෙන් නිමා වීමට නියමිතය. ඔහුට එරෙහිව විශාල දූෂණ චෝදනා එල්ල වී තිබේ. එක්තරා අවස්ථාවක, කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට සම්බන්ධ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන රාමණායක මහතා සහ තානාපති සමන් අතර ගැටුමක් ඇති වූයේ කොමිස්ලෙස ලබාගත් මුදලක් රාමණායක විසින් පිල්ලි ගැසීම නිසා යැයි ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරනු ලබයි. නමුත්, මොවුහු යළි මිතුරන් වූහ.


0 comments:

Post a Comment

Top Ad 728x90