Top Ad 728x90

Wednesday, December 13, 2017

, ,

විල්පත්තුවට කෙලින බදුර්දීන් හංගන්නේ මොනවාද - ලබ්බට අත තිබ්බ එකා පුහුලට අත නොතියයිද?


 විලපත්තු රක්ෂිතය විනාශ කරමින් මුස්ලිම් ජනතාව පදිංචි කරවීම හෙවත් මුස්ලිම් කොලනි තනමින් තම අනාගත දේශපාලනය මෙන්ම සිහින රාජ්‍යය ශක්තිමත් කරගනිමින් සිටින ඇමති රිෂාඩ් බදුර්ධීන් මෙම කාරණය සම්බන්ධයෙන් සඳහන් කරන කාරණා කිහිපය අතර සඳහන් කරන ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමු කාරණය වන්නේ විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් “යළි පදිංචිකිරීම්” සිදු කරන්නේ නැති බවයි. කපා ඇත්තේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසට යාබද ප්‍රදේශය නොහොත් මීට කලකට පෙර මුස්ලිම් ජනතාව ජීවත් වූයේ යැයි විශ්වාස කරන කොටස පමණි.

මුල්ලිකුලම් ප්‍රදේශය ගැන සලකා බැලීමේදී එම අමුතු තර්කය සඳහා එක් පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි විශ්වාස කළ හැකි, 1970 අගෝස්තු මාසයේ දී තනනු ලැබූ මුස්ලිම් පල්ලියක අවශේෂ තිබේ. එසේම ඊට මදක් ඈතින් පැරණි සොහොනක් තිබේ. මෙම සාධක අනුව එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ජීවත් වූ බව පෙනේ.
නමුත්, සිලාවතුර ප්‍රදේශයේ සිට විල්පත්තු රක්ෂිතයට ඇතුළුවන ස්ථානය දක්වා වූ විශාල භූමි ප්‍රදේශය යළි පදිංචි කිරීමේ මුවාවෙන්, අලුතින් පදිංචි කළ ජනතාවගේ ප්‍රමාණය කොපමණද?

ජාතික සංහිඳියාව ගැන බොරුවට දොඩවමින්, එම තීරුව දිගේ එනම් ප්‍රධාන පාර දිගේ පමණක් යන විට හමුව වන අලුතෙන් ඉදිකරනු ලැබූ මුස්ලිම් පල්ලි ගණන කොපමණද?

රක්ෂිතයට අයත් නොවන බව කීවද; වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමට නතු වී ඇති කොටස් වලින් කොපමණ ප්‍රමාණයක් හෙළිකොට මුස්ලිම් ජනතාව ගෙනත් පදිංචි කොට ඇත්තේද?

පවුල් එකසීය ගණනකින් සමන්විත වූ ජනපදයක්, පවුල් එක්දහස් නවසීය අනූවක් දක්වා වැඩිවූයේ කෙසේද?  සිංහල පවුල් 79ක් පදිංචි කළ බව කියමින්, එක් “සිංහලයෙකුට” ගෙවල් දෙක තුනක් දී, සිදුකරණ සැබෑ කටයුතු වසා දැමිය හැකිද?  

එසේම, වන විනාශය අපරාධයකි. බලපත්‍ර නොමැතිව තමන්ගේ වත්තේ කොස්ගසක් හෝ කැපීමට ඉඩ නොදෙන නීතියක් ඇති රටක, තමන්ගේ මුල් ජනාවාස ලබා ගැනීමේ මුවාවෙන් සිදුවන දේ අපරාධයක් ලෙස දැකීමට කිසිවෙකුට හෝ කොන්දක් නැත්තේ නම්, එහි ඇත්තේ විශාල ගැටලුවකි.

එසේම, වාර්ගිකයින් අතර සමගිය ඇති කිරීම මූලික අවශ්‍යතාවය ලෙස සලකමින්, මුස්ලිම් ජනතාව වෙනම ජන කොටසක් ලෙස ගෙන ඔවුහු පමණක් ජීවත් වන කොළණි තනන්නේ මන්ද? 

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක ස්ථානයක් වන විල්පත්තුව සහ අවට සිදුවෙමින් පවතින සැබෑ සිදුවීම ගැන ජනතාව අවදිවීම පමණක් නොව, මෝඩ තරහ සහ වෛරය මූලික කරගමින් සිදුකරණ විරෝධය වෙනුවට මොළය පාවිච්චි කරමින් කටයුතු කිරීම වැදගත් වේ.

සම්පූර්ණ සිදුවීම දෙස බැලීමේදී මතක් වන්නේ සිංහල බාසාවේ ඇති කියමනක් වන ලබ්බට අත තිබ්බ එකා පුහුලට අත නොතියිද යන්න පමණි. රටේ අනාගතයට ටිංකිරි ගාමින් සිටින බදුර්දීන් ගැන කීමට ඇත්තේ, මොහු, හෙලිකොප්ටර් අනතුරකින් කෑගල්ලේදී මරණයට පත් වූ අෂ්රොෆ්ට වඩා ගැඹුරට සිතා වැඩ කරන පුද්ගලයෙකු බවයි.  

0 comments:

Post a Comment

Top Ad 728x90