Top Ad 728x90

Saturday, December 2, 2017

, , , ,

“දෙරණේ” උරුමකරුවන් සහ රුසියානු පරිඝනක විශේෂඥයින් අතර රහස් ගනුදෙනුවක්?

ඇමෙරිකානු මැතිවරණයේදී කළේ යැයි කියන රහසිගත රුසියානු මැදිහත්වීම ඉදිරියේදී මෙරට පවැත්වෙන මැතිවරණ වලටත්?

මීළඟ මැතිවරණය කඩාකප්පල් කිරීමට “රුසියානු පරිඝණක” විශේෂඥයින් කිහිප දෙනෙකු මෙරට පිහිටි පෞද්ගලික වෙළඳ දැන්වීම් ආයතනයක් වන, ට්‍රයිඇඩ් ආයතනය සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ආරක්ෂක කටයුතු භාර ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. අදාළ විශේෂඥයින් පිරිස රුසියානු රහස් ඔත්තු සේවයෙහි බාහිර සැපයුම්කරුවන් කරුවන් ( අවුට් සෝර්ස්) ලෙස කටයුතු කරනු ලබන අතර මෙරට වත්මන් ආණ්ඩුව එළඹෙන මැතිවරණයකදී තාක්ෂණික වශයෙන් දුර්වල කොට පරාජය කිරීම ඔවුන්ගේ මූලික මෙහෙයුම බවට පත් වී තිබේ.


අදාළ රසියානු ජාතිකයින් සහ ට්‍රයිඇඩ් ආයතනයේ ප්‍රධානීන් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු අවස්ථා කිහිපයකදීම හමුවී ඇතැයි අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

මේඅතර අදාළ ආයතනයට සහ ඔවුහු විසින් පවත්වාගෙන යනු ලබන, දෙරණ මාධ්‍ය ආයතනයට සම්බන්ධ සමීප ආරංචිමාර්ග මාර්ග සඳහන් කරනු ලබන්නේ, දිලිත් ජයවීර, උග්‍ර ණය අර්බුධයකින් පීඩා විඳින බවත් ඔහුගේ මූලික අපේක්ෂාව වී ඇත්තේ මීලඟ මැතිවරණයට ඉදිරිපත්වීම හෝ මීළඟ මැතිවරණයේ මූලික මෙහෙයුම් බලය තමන් ග්‍රහණයට නතුකර ගැනීමෙන් පසු තම ගැටලු විසඳා ගැනීම කෙරෙහිය.


ලංකාවේ මැතිවරණයට රුසියානුවන් ටිංකිරි ගාන්න හදන වැඩේ ජයටම කරගෙන යන බව වෙනකාටත් වඩා දෙරණේ උරුමකරුවන් දනිති. 

0 comments:

Post a Comment

Top Ad 728x90