Top Ad 728x90

More Stories

Saturday, August 18, 2018

සේනා අධිපතිගේ කතා වස්තුව

by



පෞද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමක් ලෙස ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම ආරම්භ කරනුයේ J. ඈපා විසිනි. ඉන්පසු සූරියකන්ද නඩුවෙන් වැරදිකරු වන J. ඈපා සිරගත වේ. සිරකූඩු අතරට රිංගා යන සේනා අධිපති J. ඈපගේ සමාගමෙහි රැකියාවක් ඉල්ලයි. එසේ ඉල්ලූ රැකියාව හරහා ඇවන්ගාඩ් හා සම්බන්ධ වන සේනා අධිපති J. ඈපගේ සම සමාගමේ අයිතිය උදුරා ගන්නේ තම තීක්ෂණ කපටි මොළ පාවිච්චි කරමිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වී රතු මුහුදෙහි යාත්‍රා කරන නෞකා සදහා අවශ්‍ය ආයුධ සැපයීම ආරම්භ කරන්නේ 2009 දෙසැම්බර් මාසයේ දීය. ඉන්පසු දෙවන නැව පැමිණෙන්නේ 2010 මාර්තු මාසයේ දී ය. 2009 සිට 2011 දක්වා මෙම ව්‍යාපාරය පවතිනුයේ ඉතා මන්දගාමී ස්වභාවයෙනි. කෙසේ නමුත් 2011 අවසන් කාල වකවානු වලදී මෙම ආරක්ෂක සේවා සැපයීම ඉතා ප්‍රචලිත වන්නේ සෝමාලි මුහුදු කොල්ලකරුවන් ක්‍රියාකාරකම් රතු මුහුද තුළ වඩාත් ක්‍රියාකාරී විම නිසා රක්ෂණ සමාගම් විසින් මෙම ආරක්ෂක සේවා සැපයීම අනිවාර්ය කළ බැවිනි. මේ වනවිට නාවික හමුදාව තම ආදායම ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන ලදී. 2009 වර්ෂයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය 2012 ඔක්තෝම්බර් 12 වන දින සේනා අධිපති විසින් තම පාලනයට නතු කර ගනී. ඒ වනවිට මෙම ව්‍යාපාරයේ ආදායම් ඉතා ඉහළ මට්ටමක පැවතුණු බව ශ්‍රී ලංකා නාවික හමුදාව හොදාකාරව වටහාගෙන තිබිණ.

කෙසේ වෙතත් ඇමරිකාවේ නිවසක් මිලදී ගැනීම සදහා යන මෙම ඇවන්ගාඩ් ලොක්කා ඒ හරහා කොක්ක ගසන්නේ එවකට ආරක්ෂක බලවතෙකු වෙතයි. එම ආනුභාවයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු රජයට වැඩි ආදායමක් ගෙනදුන් මෙම ව්‍යාපාරය තම සමාගම යටතේ ඒකාධිකාරයට යටත් කරන සේනා අධිපති රක්නා ලංකා සමාගම සමග ගිවිසුමකට එළඹෙනුයේ, ඔහු විසින් මෙහෙය වන එක් ආයුධ සැපයීමක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර්  දහසක මුදලක් ලංකා නාවික හමුදාව වෙත භාරදීමේ පොරොන්දු පිටය. මෙය ඔහුගේ සමාගම ලබාගන්නා ඇමරිකානු ඩොලර් 3500 න් 28% කට ආසන්න ප්‍රමාණයක් බව ඔහු විසින්ම පසුව පවසා ඇත. (නමුත් නිසිලෙස ගණනයන් සිදු කලේ නම් එය 28.5% විය යුතුය.) කිසිදු හිරිකිතයක් නොමැතිව මෙම කර්තව්‍යය සදහා අවශ්‍ය සහයෝගය එවකට සිටි දේශපාලන අධිකාරියේ ආනුභාවයෙන් මෙම ක්‍රියාවලිය ඇවන්ගාඩ් වෙත පවරා දෙන හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ඇවන්ගාඩ් සමාගමේ රැකියාවට යන්නේ බර පඩියකට හිමිකම් කියමිනි. 2013 වසරේ දී මෙම 28%,25% දක්වා අඩු කිරිමට කොළඹගේ (මොහු මිනිස් ජාවාරම් සදහා සෘජුව සම්බන්ධ පුද්ගලයෙකි.)ගේ උල්පන්දම් හරහා අතිරේක ලේකම්වරියක් ලිපියක් නිකුත් කර ඇත. එම ලිපියෙන් උපරිම ප්‍රයෝජන ගන්නා සේනාධිපති 28% වූ ප්‍රමාණය මෙම මෙහෙයුම් පටන්ගත් දින සිටම 25% ක අගයකට ගණනය කරන්නට ගන්නේ රජයට විශාල පාඩුවක් සිදු කරමිනි. ඒ සදහා ඔහු හේතු දක්වා ඇත්තේ තමන් විසින් සිදු කරන ලද ප්‍රවර්ධන කටයුතු වලට ගිය වියදම් පියවා ගැනීම යනුවෙනි. එය කිසිදු පදනමක් නොමැති කතාවක් වූ අතර ඉන්පසුව මෙම 25% ,17% දක්වා අඩු කරගන්නේ පෙරේරාගේ කාල වකවානුවේ දී වන අතර ඒ සදහා අනුමැතිය ලබා දෙන්නේ එවකට රක්නා ලංකා සමාගමෙහි අධිපති වූ විසිනි.

එම කාලවකවානුවේදීම එම ලොක්කාගේ ගිණුමට බැර වන විශාල මුදලක් සම්බන්ධයෙන් අදටත් අධිකරණයෙහි අල්ලස් නඩුවක් පවතී. කෙසේ වෙත්ත සේනා අධීපති හා රක්නා ලංකා අතර ගිවිසුම ඒක පාර්ශවික ගිවිසුමක් වන අතර එහි නාවික හමුදාව නොමැති වීම ඉතා ගැටළු සහගතය. මෙම ගිවිසුමෙහි බේරුම්කරණය සිංගප්පුරුවේ දී සිදු විය යුතු යැයි දක්වා සිටීම ගැටළුකාරී වේ. ඉහත ප්‍රතිශතය අගයයන් ඩොලර් 3500ක මුළු මැදල සසදා ගණන් බලා ඇතත් එම ප්‍රතිශත හිතුමනාපයට අඩු කිරිම නිසා ශ්‍රී ලංකා රජයට සිදුව ඇති පාඩුව අතිමහත්ය.

ඉහත ක්‍රියාවලියෙහි ප්‍රධාන භූමිකාවක් රගදැක්වූ අතිරේක ලේකම්වරිය අද වනවිට රටේ ද නැත. සැගවී සිටියි. සියල්ල නීත්‍යනුකූල නම් ඇය නොපැමිණෙන්නේ මන්දැයි බලවත් පැනයකි. එමෙන්ම සේනාධිපති කිසි දිනක නියම කලට වේලාවට නාවික හමුදාව වෙත ගෙවීම් සිදු කර නොමැත. එහි ප්‍රමාද වීමේ පොලිය ගණන් බැලුවහොත් එය රජයට මිලියන 700ක ප්‍රමාණයක් ගෙවීමට ඇත. ඉහත ක්‍රියාවලිය අනුව ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් වනුයේ තම දේශපාලන හයිය ගෝඨා මගින් ලබා ගත් සේනාඅධිපති මෙම ව්‍යාපාරය කරගෙන ආ අනෙකුත් සමාගම් සියල්ල පැත්තකට විසිකර දමා තම ඒකාධිකාරය පතුරුවා ඇති බවයි. ඒ සමගම ඔහු විසින් රජයට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් වංචා සහගත ලෙස අහිමි කර ඇත. ඔහුගේ ලාභය ඔහු උදම් අනනුයේ 2009 සිට 2012 දක්වා කාලයෙහි ඉතා මන්දගාමීමව ඇරඹී මෙම ව්‍යාපාරයෙහි ආදායම සසදා බැලීමෙනි. එය කිසි ලෙසකත් තාර්කික නොවේ. ඔහු මෙම ව්‍යාපාරයට අත ගසන්නේ මෙමගින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් රජයට ගලා ආ කාල වකවානුවේදි බැවින් මුල් කාල පරාසවල ගණන් සැසදීම කිසි ලෙසකින්වත් සාධාරණ නොවනු ඇත. තම හිතවත් හමුදා සගයන් මෙම රැකියාවට පිටත්කර යැවීම සදහා වෙළද හා නාවික කටයුතු අමාත්‍යංශයෙහි නැව් ගමන් නිලධාරි විසින් නිකුත් කරන මුදා හැරීමේ සහතිකය (CDC) ලබා දීමේ ක්‍රමවේදය ද ඔහුගේ දේශපාලන බලයෙන් වෙනස් කරන ලදී. එසේ නැව් ගත වූ හමුදා නිලධාරීන් බොහොමයක් නෞකා වල රාජකාරි ස්වභාවය තමන්ට හුරු නොමැති බැවින් එම නෞකා කාර්යය මණ්ඩලවල උදහසට ලක් වූ වාර අනන්තය. ඒ කෙසේ නමුත් එයින් සිදුවූයේ නාවික හමුදාවෙහි හිටපු සෙබළුන්හට ලබා දි තිබූ රැකියා අවස්ථාවන් බෙදී යාමයි.

මෙයින් නොනැවතුණු සේනා අධිපති දක්ෂිණ නාවික කදවුර තුළ තම උපකරණ සහිත කන්ටේනර් දෙකක් ද, ගාලු වරාය තුළ කන්ටේනරයක් ද රදවා තබා ගන්නේ රජයට කිසිදු මුදලක් නොගෙවමිනි.

ඉන් පසු පාවෙන අවි ගබඩාවල් සදහා යොමු වන මොහු මහනුවර නෞකාව ඒ සදහා ස්ථානගත කරන්නේ එම නෞකාව නාවික සැතපුම් 12ක් පිටතින් රදවා තැබීමට එකග වීමෙනි. කෙසේ නමුත් මෙම එකගතාවය ඔහු විසින් එම නෞකාව මුහුදේ ස්ථානගත කරන්නේ එම කාල පරාසයෙන් 20% ක ප්‍රමාණයකට ආසන්න වන අතර ඉතුරු 80% ම එම නෞකාව ගාලු වරායේ ගැට ගසා ඇත.

ඉන් පසු ඔහුගේ තවත් පාවෙන අවි ගබඩාවක් වන නෞකාවක් 2015 නොවැම්බර් මස ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වන්නේ කිසිවකුට නොදන්වමිනි. එම නෞකාව නිරික්ෂණය කරන නාවික හමුදාව සන්ධ්‍යා කාලයේ සිට රාත්‍රිය පහන් වනතුරුම නෞකාව හා සම්බන්ධ වෙමින් එහි අරමුණ විමසා ඇති අතර මොවුන් පවසා ඇත්තේ තම නෞකාව තුළ ආයුණ නොමැති බවත් ඔවුන්හට වරායකට සේන්දුවීමක අවශ්‍යතාවක් පිළිබදව ද අනාවරණයක් නොකරමිනි. පසුදින උදෑසන එම යාත්‍රාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව එක්ව තම ග්‍රහණයට ගන්නා ලදී.

එහිදී එම නෞකාව පරික්ෂාවට ලක් වූ අතර විශාල ආයුධ ප්‍රමාණයක් (විශාල ප්‍රමාණයක අංක සූරා දමා තිබුණි) සමගින් පොලීසිය වෙත භාර දි ඇත. එම නෞකාව ශ්‍රී ලංකා ජල තීරයට පැමිණීම සදහා අනුමැතිය ලබාගෙන තිබුනේ අත්අඩංගුවට ලක් වූ පසුවය. එම නිසා මෙහි නීත්‍යනුකූලභාවය පිළිබදව ගැටලු රැසක් ඉදිරිපත් විය. රූපවාහිනී වල පාලු ගෙයි වලං බිදිමින් මෙලෙස කටයුතු කරනවාට වඩා දන්නා පුද්ගලයන්ට ඉදිරිපත් වන ලෙස අභියෝගයක් ලබා දී සංවාදාත්මක විවාදයකට සහභාගි වීමෙන් සේනා අධිපතිතුමා වෙත නිරවද්‍යතාවය වඩාත් තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම රණවිරුවන් 6500 කට රැකියා අහිමි වූ ක්‍රමවේදය පිළිබද දිවුරුම් පෙත්සමක් මගින් ජනතාව හා මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන්නේ නම් එය ඉතා අගය කළ යුතු කරුණක් වනු ඇත.නයිජීරියා ඩීල් පත ඉදිරියේ දී එළිදක්වනු ලැබේ.


සිරිසේනගෙන් පසු ජනාධිපති වීමට සිහින මවන්නෝ

by



වර්තමාන අන්ද මන්ද ආණ්ඩුවෙන් පසු ජනාධිපති වීමට සිහින මවන පිරිමි රාශියකි. ඉන් පළමුවැන්නා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.  ආණ්ඩුව කළ වැරදි සියල්ලම එක්සත්  ජාතික පක්ෂය මත හෙළමින් තම දෙවන වාරය සඳහා සිහින රාශියක් මවමින් සිටින සිරිසේන මහතා කෙසේ හෝ තමන් දෙවනවාරය ලබා ගන්නා බව හිතවතුන් කිහිප දෙනෙකු සමග සඳහන් කොට ඇත.

දෙවැන්න වන්නේ ගෝඨාබය රාජපක්‍ෂ මහතාය. කකුලට පෙර කට ඉදිරියට දැමීමට යෑමෙන් හොට පටලාවාගෙන දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින හෙතම රටේ ජනාධිපති වන බව ඔහු පමණක් නොව ඔහුට සමීප කිහිප දෙනෙකුම තරයේ කියා සිටින කාරණයකි. ගෝඨාබය යටතේ තමන් ආරක්‍ෂක ලේකම් වන බව කමල් ගුණරත්න සඳහන් කොට ඇති අතර ශවේන්ද්‍ර සිල්වා ගෝඨාබය යටතේ හමුදාපති වීමට සිහින දකිමින් සිටින්නෙකි. එසේම ඔහු සමග සිටින, නාලක ගොඩහේවා තමාට ලැබීමට නියමිත ඉහල දූරය ගැන ඔහුගේ සමීපතමයින් රාශියක් හමුවේ තප්පු ලා ඇත.

මීළඟ ජනාධිපති වීමට සිහින දකින සිහින කුමාරවරුන් රාශියක් සිටින ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ, එක්සත් ජාතික පක්ෂයයි. අර්ජුන රණතුංග, චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, මංගල සමරවීර, රාජිත සේනාරත්න ඒ අතර කැපී පෙනෙති.

යහපාලනයෙන් හොඳ හැටි හම්බකරගත් පට්ට හොරෙකු යැයි බොහෝ දෙනෙකු හඳුන්වන රාජිත සේනාරත්න, තමන්ට ජනාධිපති ධූරය ලැබුණහොත් සිදුකරණ කටයුතු ගැන දැනටමත් කිහිපදෙනෙකු හමුවේ සඳහන් කොට ඇත. එසේම, සජිත් සහ නවීන් දෙදෙනාට අසල්වැසි රටක පූරණ සහයෝගය ලැබෙමින් පවතින බව ටිංකිරි වෙත අනාවරණය වේ.  ලයිස්තුවේ සිටින අනෙකුත් අයවලුන්ගෙන් මංගල සමරවීර, ජනාධිපති වීම සඳහා දැඩි බලාපොරොත්තුවක් නැති වුවද මීළඟ අගමැති ධූරය සඳහා ඔහුගේ අවදානය යොමු වී ඇතිබව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන කාරණයකි.

මේ සියලුම මතවාදයන් පරයා නීල් ධම්මික සහ තවත් ව්‍යාපාරිකයෙකු රටේ ජනාධිපති වන බව ඔවුහු කියති. රැකියාවෙන් රියදුරෙකු වන නීල් ධම්මික නමැති අයෙකු, පෙර ආත්ම ගණනාවක තමන් ඉපදුනු ආකාරය කියමින්, හෙතම තමන් රටේ ජනාධිපති වන බව සඳහන් කොට ඇත. මුචලින්ද නාගයා, මහා පරාක්‍රමබාහු රජු,  මද්දුමබණ්ඩාර කුමාරයා සහ බ්රූස් ලී ලෙස මීට පෙර උපත ලබා  ඇතැයි ඔහුම කියන මෙම පුද්ගලයා, රටේ මීළඟ ජනාධිපති වන බව තරයේ කියා සිටින්නේ රටේ වත්මන් දේශපාලනඥයින් සියල්ලම පොලවට 
යටකරන මහා භූමි කම්පාවක් ඇති කිරීමෙන් පසුව බව සඳහන් කොට ඇත.

මෙම පුද්ගලයා රටේ ජනාධිපති වුවද නැතද, රටේ දේශපාලුවන් නොහොත් කඳ පනුවන් මහපොළවට සමතලා වන භූමිකම්පාවක් ඇතිකළහොත් එයනම් මොහුගෙන් රටට සිදුවන සේවාවකි. වෙහරක් ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද , යැයි කීවා සේ, “සුනාමික් ඇති කොට ප්‍රභාකරන් මැරූ නීල් ධම්මිකට 225 ක් භූමිකම්පාවකින් ගිල්ලන එක එතරම් අපහසුවිය නොහැකිය”.

අනෙක් සියල්ල සිහින දකින අතරේ මහින්ද සහ බැසිල් රාජපක්‍ෂ මහපොළවේ වැඩ කරමින් පවතින ආණ්ඩුව හාස්‍යයට ලක් කරමින් එය දුර්වල ආණ්ඩුවක් ලෙස ජනතාව හමුවේ ඔප්පු කරීමට මහන්සිවෙති. ඔහුට ඊට අවශ්‍යය තරම් මුදල් තිබේ. මුදල් දෙන පිරිස්ද සිටිති. 

ලොවක් නැහෙන විට ඒ ලොවේ හැදෙන හැම එකාම නායකයෙකු වීමට උත්සහකරති. පසේනදී කොසොල් රජුන් දුටු සිහින 16 ලංකාව විෂයෙහිලා පරම සත්‍යක් වී ඇති අයුරු අරුමය.

Saturday, January 27, 2018

මිග් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සාක්‍ෂි ඇත්තෙම නැද්ද?

by
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ගරු කටයුතු ලේකම්තුමා අත්අඩංගුවට ගැනීමට පැහැදිළි හේතුවක් නොමැති හෙයින් එය වැලක්වූ බව ඊයේ සඳහන් කළේය. ඒ ඔහු මාධ්‍යය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදීය.  

ඇත්තටම ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සාක්‍ෂි නැත්ද? මේ ඔහු ගැන ටිංකිරි සතුව ඇති තොරතුරු වලින් කොටසක් පමණි.


තම මවුපියන් සිහි කිරීමට තැනූ කෞතුකාගාරය ගැන  කාරණය මේ වන විටත් යම් පමණකට ඇත්තෙන් වසන් කොට ඇත. නමුත් ගෝඨාබය අත්අඩංගුවට ගත හැකි මූලික වංචාව එය නොවේ. එනම්, ඩොලර් මිලියන ගණනක් අයතා ලෙස උපයා ගනු ලැබූ මිග් ගනුදෙනුවයි.

ඒ ගැන කළ පරීක්‍ෂණ වලදී හෙළිදරව් වූ මූලිකා කාරණා මේවාය;

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය වංචාවක් සිදු වී ඇත.

01. මිග් 27එම් ගුවන් යානා හතරක් මිළදී ගැනීම
02. මිග් 27එම් ගුවන් යානා 03ක් සහ මිග් 23UV ගුවන් යානා ඕවර්හෝල් කිරීමේදී ඩොලර් මිලියන් 6.08ක වංචාවක් සිදු වී ඇත.

ඉහත ගනුදෙනු සඳහා සත්‍යවශයෙන්ම වියදම් වී තිබෙන්නේ ඩොලර් මිලියන 7.9 කි.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති මෙන්ම ආරක්‍ෂක ඇමතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වූ ගෝඨාබයගේ අත්සනින් ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඩොලර් මිලියන 14ක මුදලක් බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි බෙල්මිස්සා හෝල්ඩින්ස් සමාගමට ගෙවා, තවත් ඩොලර් මිලියන 7ක් ලබාගෙන ඇත. නමුත් ගනුදෙනුවට වියදම් වී ඇත්තේ ඉහත කී ඩොලර් මිලියන 07 පමණි. මේ අනුව ඩොලර් මිලියන 11.1 ක් පමණ දූෂිතව ලබාගෙන ඇත.

ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපති රොෂාන් ගුණතිලක ලවා යුක්රේන් මාර්ෂ් සමාගම සමග 2006 ජූලී මස ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව ඉහත සඳහන් මිග් යානා මිලදී ගැනීමට සහ අලුත්වැඩියා කිරීමට එකඟ වී ඇත.

නමුත්, යුක්රේන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසිය මෙම ගිවිසුම් සාවද්‍යය එකක් බව සහතික කොට ඇත. තවද, ඩොලර් මිලියන 14ක් ගෙවා ඇත්තේ ගිවිසුම අත්සන් කළ යුක්රේන් මාර්ෂ් සමාගමට නොව වෙනත් සමාගමක් වන බෙල්මිස්සා හෝල්ඩින්ස් සමාගමටය.

මේ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඩොලර් මිලියන 11.1 මුදලක වංචාවට වගකිව යුතුබව පෙනේ.

මෙම වංචාව මහින්ද රාජපක්ෂගේ කිට්ටු ඥාතියෙක් වන ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බ්න්ධීකරණය කර ඇතිබව අනාවරණය වී ඇත. ඔහු සේවය කළ තානාපති කාර්යාලයේදී අදාළ සමාගම සමඟ එම ගිවිසුම අත්සන් කොට වීරතුංග විසින්ම ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගෙන් ගිවිසුමට අත්සන් ලබාගෙන ඇත.



Friday, January 26, 2018

ඉහළින් ආ නියෝග නිසා කට්ටි පනින ජාතික හොරු: අංක 02 --- ගාමිණි සෙනරත්

by

ගිණුම් හතරක රුපියල් මිලියන 2338ක තැම්පත්

මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ලෙස ගාමිණී සෙනරත් කටයුතු කළ අතර ඔහුට එරෙහිව නඩු පැවරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කළේය.


නමුත් වත්මන් ආණ්ඩුව ඉහලම තැනකින් ආ නියෝගයක් හේතුවෙන් අදාළ පරීක්‍ෂණ නතර කොට ඇත.
ඔහු සිදු කොට ඇති වංචා පහත දැක්වේ;

දූෂිත ලෙස ලබාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති ඉඩම්/ නිවාස

01. ඉඩම ගණන 33යි. ඒවා මිලදී ගෙන ඇත්තේ සමාගම් 4ක නමින්ය;

අ. ප්‍රින්ට් එක්සෙල් සමාගම
ආ. රත්න පබ්ලිෂර්ස් ඇන්ඩ් ප්‍රින්ටර්ස් සමාගම
ඇ. රත්න පොත් ප්‍රකාශකයෝ පුද්ගලික සමාගම
ඈ. රත්න මෙටල් ඉන්ඩට්‍රීස් පුද්ගලික සමාගම

මෙම සමාගම්වල අධ්‍යක්‍ෂකවරු සෙනරත්ගේ පවුලේ ඥාතීන්ය. මෙම සමාගම් හතරේ ගිණුම්වල රුපියල් මිලියන 2338ක් තැම්පත් කර තිබෙන බව සොයාගෙන ඇත.

02. වාණිජ බැංකු සහ මූල්‍යය ආයතන 81ක මෙම සමාගම් 4 නමට ගිණුම් ඇත.

03. 2013 සැප්තැම්බර් මස සිට 2014 දෙසැම්බර් මැතිවරණ සමයේදී අවස්ථා 30කදී මෝටර්රථ 11 කින් මෙම මූල්‍යය ආයතනවලට මුදල් ප්‍රවාහනය කර ඇත. මෙම වහානවල රියදුරන්, ආරක්ෂක නිලධාරීන් සහ සේවකයින් ගාමිණි සෙනර්තගේ සේවකයින් බව ආණාආආආණාආ වී ඇත. මොවුන් නිතර අරලියගහ මන්දීරයට ආ ගිය පුද්ගලයින් වේ.


***ඉහළින් ආ නියෝග නිසා කට්ටි පනින ජාතික හොරු: අංක 01 --- ඩිලාන් පෙරේරා***





Thursday, January 25, 2018

නිවැරදි කිරීමයි : හොරා කමින් සිටින්නේ දිලිප් වේදආරච්චිගේ පුතාය

by

ඊයේ ප්‍රසිද්ධ කළ පුවතක නිවරදි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමු. අදාළ පුවතට අනුව, මහින්ද අමරවීර ඇමතිවරයාගේ පුත්‍රයා ධීවර අමාත්‍යාංශයේ කටයුතු වලට අතපොවමින්, අසරණ මිනිසුන්ගෙන් මුදල් වංචා කරමින් සිටින බව සඳහන් කොට ඇත.

නමුත්, එය, මහින්ද අමරවීර මහතාගේ පුතා නොව, දිලිප් වෙදආරච්චි ඇමතිවරයාගේ පුතා ලෙස නිවැරදි විය යුතු බව සලකන්න. මෙම වංචාකරුවා මෙසේ වංචා කළ මුදල් වල අනුහසින්, මෑතකදී ඔහුගේ මංගල උත්සවය ඉතාම ඉහළින් ගනු ලැබුවේ කොළඹ පිහිටි හෝටලයකදීය.


අදාල පුවත හේතුවන් මහින්ද අමරවීර ඇමතිවරයාට හෝ ඔහුගේ පුත්‍රයාට යම් සිත රිදවීමක් වූයේනම් ඊට අපේ කනගාටුව මෙසේ ප්‍රකාශ කරමු. 

Wednesday, January 24, 2018

මහින්ද අමරවීරගේ “පුත්‍ර රත්නය” ධීවර අමාත්‍යාංශයට ගේම දෙයි: රස්සා දෙන බව කියමින් ලක්ෂ ගණන් මුදල් ගරලා

by

එක් අයෙකුගෙන් ලක්ෂ පහ-හමාර බැගින් පුද්ගලයින් 40කගෙන් පමණ මුදල් වංචා  කරලා


ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා, ධීවර අමාත්‍යාංශයේ සියලු රෙගුලාසී උල්ලංඝණය කරමින් තරුණ/ තරුණියන්ට රැකියා දෙන බව කියමින් එක අයෙකුගේ ලක්‍ෂ පහ හමාර බැගින් එකතු කොට තබේ. මෙසේ පුද්ගලයින් හතළිස් දෙනෙකුගෙන් පමණ මුදල් ගරාගෙන ඇති නමුත්, අද වන තුරුත් ලබා දී ඇති රැකියාවක් නොමැත.

අදාළ වංචාකාර ඇමති පුත්‍රයා, තමන්ගේ දෙස්පාළං ආවතේවකරුවෙකු වන අම්පාරේ පදිංචි “මාස්ටර්” නමැති අයෙකු මාර්ගයෙන් මෙසේ මුදල් එකතු කොට තිබේ.

සිංහල ජාතිකයින්ගෙන් පමණක් නොව යාපනය ප්‍රදේශයේ පදිංචි දෙමළ තරුණයන් කිහිප දෙනෙකුගෙන්ද මෙසේ මුදල් රැගෙන ඇති බව ටිංකිරි වෙත වාර්තා වේ.


මහින්ද රාජපක්ෂ සමඟ සිටිමින්, වතමන් ආණ්ඩුවට කළ හැකි උපරිම කෙණහිලිකම් කරනු ලැබූ අමරවීර, යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු කිසිඳු ලැජ්ජාවක් නොමැතිව මාරුව දැමු අයෙකි. ඉන් පසු, ආණ්ඩුවේ සහ නායකත්වයේ ප්‍රතිරූපය නැංවීමට නොව, තම පෞද්ගලික ආශාවන් ඉටුකර ගැනීම සඳහා දේශපාලන බලය භාවිතා කරමින් සිටින්නේය.

ඉහළින් ආ නියෝග නිසා කට්ටි පනින ජාතික හොරු: අංක 01 --- ඩිලාන් පෙරේරා

by
මෙරට ඉහළම තැනකින් පැමිණි නියෝග හේතුවෙන්  මේ වන විට නිදහසේ සිටින හොරුන් රාශියකි. යහපාලනය කිරීමට යැයි පවසමින්, ව්‍යාජ බණ ගොතා ජනතාව රටවා ඇති මෙම අයවලුන්, රටේ නීතියේ  ආධිපත්‍යයට මෙන්ම මානව නිදහසට කරමින් සිටින විනාශය අපමණය. මෙහිදී පළමුව අවධාරණය කළ යුතු පුද්ගලයා වන්නේ ඩිලාන් පෙරේරා මහතාය. අනෙක් ඇය පිළිබඳවද ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මේ එම හොරා කළ වංචා වලින් හෙළිදරව් වී ඇති ප්‍රධාන සිදුවීම් කිහිපයකි.

01. ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇමති ලෙස සිටි යුගයේ රුපියල් මිලියන 247.6ක මුදලක් වංචා කොට ඇත

02. අමාත්‍යාංශයේ විවිධ කටයුතු සඳහා කියා ව්‍යාජ බිල්පත් නිකුත් කර ඇති කරුණු12 ක් සම්බන්ධව පර්යේෂණ ආරම්භ කර, ඉන් 02ක් සම්පූරණ කර, ඉතිරි 10 සම්පූර්ණ කිරීම සඳහා ඩිලාන් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේ මෙම පරීක්ෂණය නවත්වන්න යැයි නියෝග ලැබී ඇත.

මේ වන විට නිමා කර ඇති පරීක්‍ෂණ සම්බන්ධව කෙටි විස්තරයක්;

අ. විදේශ සේවා කාර්යාංශයේ වැඩ මුළුවක් සඳහා යැයි කියමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂ 20 ක් මුදලක් “ රාවණාඇල්ල ෆුඩ් ඇන්ඩ් කෙටර්ස්” නමැති ආයතනයට නිකුත් කර, එම ආයතනය විසින් රුපියල් ලක්ෂ 20 ක චෙක්පත් බත්තරමුල්ල මහජන බැංකු ශාඛාවේ ඇති ඩිලාන් පෙරේරා පදනම නම් ආයතනයේ ගිණුමකට බැරකර ඇත.

ආ. කොස්ලන්ද මීරියබැද්දේ නාය යෑමට ලක්වූ ජනතාවට සහන ලබාදීමට කියා රුපියල් ලක්‍ෂ 20ක මුදලක් විදේශ සේවා කාර්යාංශයෙන් ලබාගෙන, බදුල්ල නගරයේ වෙළඳ සලකින් භාණ්ඩ ලබාගත් බවට බිල්පත් නිකුත්කර ඇත. නමුත් භාණ්ඩ ලබාදුන් පුද්ගලයින් පිළිබඳ කිසිඳු තොරතුරක් නැත. බිල්පත් වල සඳහන් කර තිබෙන සියලු භාණ්ඩ ලබා නොදුන් බවත් , ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ලබා දුන් බවත් වෙළඳ සැලේ හිමුකරු ප්‍රකාශ කොට ඇත.

ඇ.  විදේශ සේවා කාර්යාංශයේ බදුල්ල ශාඛාවේ කළමනාකරු සුරේෂ් කුමාර් මේ පිළිබඳව වැඩ තනමකට ලක් කර ඇත.

ඈ. මේ අනුව ඩිලාන් පෙරේරා, නාය යෑමට ලක් වූ අහිංසක මිනිසුන්ගේ නමින් රජයේ ආයතනයකින් මුදල් ලබාගෙන , හොර බිල්පත් ඉදිරිපත් කර එම මුදල් ඔහු ලබාගත් බව පැහැදිළිවේ.

ඉ. වි. සේ. කා. යේ හිටපු සභාපති සේනාධිලංකාර, සාමාන්‍යාධිකාරි බටගොඩ ඇතුළු තව නිලධාරීන් 04 දෙනෙකු  මෙම මුදල් වංචාවලට සම්බන්ධ බව අනාවරණය වී ඇත. මේ සියලු වංචා ඩිලාන්ගේ නියෝග මත සිදුවී ඇති බවට කරුණු හෙළිවෙමින් පවතී.





Friday, December 29, 2017

ඊ නිව්ස් කතෘ ඉන්ටර්විව් කළ කල්ප පල්ලියගුරු හොරෙක්ලු!

by
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාරණා කිහිපයක් හෙළිදරව් කරනු ලැබූ කතාබහක් වූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර සමඟ පැවැත් වූ  සම්මුඛ සාකච්ඡාව මෙහයවනු ලැබූ කල්ප පල්ලියගුරු වංචාකරුවෙකු බව ඔහු සම්බන්ධයෙන් දැනුවත් පාර්ශව කිහිපයක් ටිංකිරි වෙත අදහස් පල කළෝය.


මෝටර් රථ විකිණීමේදී කළ වංචාවන් ඇතුළු වංචා රාශියකට ඔහු සම්බන්ධ බව එම තොරතුරු ලබා දුන් මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

මේ අතර ඔහු, ලන්ඩනයේ දේශපාලන රැකවරණය පැතීමට ගොස් සිටි අවස්ථාවේ එය ඔහුට ලබා දීම සඳහා කටයුතු කොට ඇත්තේ, හොර ඔප්පු ලිවීම සමබන්ධයෙන් මෙරට අධිකරණයේ වරෙන්තු කරුවෙකු බවට පත් වී සිටින නමුත් ලංකා නිව්ස් වෙබ් ( මෛත්‍රී පාක්ෂික) සහ ලංකා නිව්ස් වෙබ් ( මෛත්‍රී සහ චන්ද්‍රිකා විපාක්ෂික හෙවත් වෛරී ) නමින් දවල් මිගෙල් රෑ ඩැනියෙල් පන්නයේ වෙබ් අඩවි කිහිපයක් පවත්වා ගෙන යන, චන්දිම විතානාරච්චි නමැති අයවලුන්ගේ සිය බිරිඳ විසිනි.

ඒ සියලු කළ ගුණකම් ගුණ මකුවෙකු සේ අමතක කරමින්, තමන්ට උදව් කළ පිරිසට එරෙහිව පහර ගැසීමට, කල්ප පල්ලියගුරු කටයුතු කරන බවට චෝදනා නැගෙයි.

කෙසේ වෙතත්, අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් වූයේ, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සඳහා, මංගල සමරවීර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රුවන් ප්‍රදීනන්දිස් හෙවත් රුවන් ගුරුගේ, බුද්ධි අංශයට තොරතුරු ලබා දුන් බවයි.


වෙබ් මාධ්‍යවේදීන්ගේ අ(නා)චාර ධර්ම එළිදකී - ලංකා ඊ නිව්ස් නම කීම තහනම් කරයි

by
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනමාධ්‍යය හා මුදල් අමාත්‍යය මංගල පින්සිරි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ජෙයික් හිල්ටන් හෝටලයේදී  වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය යැයි කියා ගන්නා පිරිසක් විසින් සංවිධානය කර තිබූ උත්සවයේදී  ආචාර ධර්ම පද්ධතියක් ප්‍රසිද්ධ කරනු ලැබීය.

එහිදී ටිංකිරි වෙත තොරතුරු සැපයූ අයෙකු සඳහන් කරනු ලැබුවේ සමස්ථ උත්සවය සඳහා රුපියල් මිලියන තිස් පහක් විවිධ ව්‍යාපාරිකයින් සහ ඇතැම් දේශපාලනඥයින් විසින් මීට පිරිනමා ඇති බවයි. එසේම, එහිදී ඉතිරි වූ මුදල එය සංවිධානය කළ පිරිසක් අතර බෙදාගෙන ඇත.  මෙම තොරතුරු වැරදි නම්, මෙම අරුම පුදුම දවල් කෑමට ගිය මුළු වියදම සහ එය උපයාගත් ආකාරය ගැන ප්‍රසිද්ධ කරන ලෙස එම තොරතුරු දුන් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වාර්තා වූ තවත් කාරණයක් වූයේ, මෙම උත්සවයේදී, මේ වන විට මෛත්‍රිපාල සිරිසේන පරිපාලනය විසින් ලංකාවේදී පිවිසීමට තහනම් කොට ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නම සඳහන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකියාව කරන සිරාල් ලක්තිලක ඇතුළු කණඩායම විසින් තහනම් කොට ඇති බවයි. එම නියෝගය මෙම උත්සවය සංවිධානය කළ පිරිසට දැනුම් දෙනු ලැබුවේ සිරාල් ලක්තිලක විසින් යැයි සඳහන් වේ.

එය නිවට කීකරු බළල් පැටවුන් සේ අනුමත කළ මෙම සංගමයේ  මරුසිරාලා පිරිස, හෙමින් නූලෙන් සිරිසේන මහතාගේ හොඳ හිත දිනාගෙන කීයක් හෝ හම්බ කර ගැනීම සඳහා, මේ වන විට පිවිසීමට නොහැකි ඇතැම් වෙබ් අඩවි වලට පිවිසීම සඳහා ඇති අවහිරතාව නවතා දැමිය යුතු යැයි උඩින් පල්ලෙන් කියා ඇඟ බේරාගෙන ඇත.

මෙම අරුම පුදුම වෙබ් ගනුදෙනුව සඳහා පැමිණි පිරිස ගැන ඊට සහභාගී වූ මුදල් අමාත්‍යංශයේ කටයුතු කරන ඉහළ පෙළේ නිලධාරියෙකු ටිංකිරි වෙත කියා සිටියේ; “රාජගිරියේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට වී රෑට රෑට බේබදු සිහින දකින බේබද්දන්ගෙන් එය පිරි ඉතිරී තිබූ බවයි”.



Wednesday, December 20, 2017

අපේ රටට ඉසුරු ගෙනෙන සංචාරකයෝ හෙළුවෙන්

by

ශ්‍රී ලංකාවට සංචාරයට පැමිණි විදෙස් තරුණියක් ශ්‍රී ලංකාවේදී නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයේ පලකර තිබෙනවා.මෙහි සමහර ඡායාරූප ගෙන ඇත්තේ ශ්‍රි ලංකාවේ ජනයා ගැවසෙන පොදු ස්ථාන වලයි.ශ්‍රී ලංකාවේ නීතිය අනුව නිරුවත්ව ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරීම නිතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්.ඉන්ස්ට්‍රග්‍රැම් සමාජ ජාලයේ GetNakedSrilanaka ලෙස පිටුවක් සදා ඇති අතර එය ලොකයේ නන්දෙසෙන් ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ලංකාවේ නිරුවත්ව සිට ගන්නා ලද ඡායාරුප එයට එක් කර තිබෙනවා. මේ එලෙස පලකරන ලද ඡායාරුප වලින් කිහිපයක්.
















Top Ad 728x90

Top Ad 728x90